රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධී වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ලබන 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (24) නියෝග කළේය. 2015 සිට 2026 දක්වා කාලය තුළ හෙළි නොකළ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම චෝදනා ගොනු කර ඇත.
අධිකරණයේදී කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් පෙන්වා දුන්නේ සැකකරු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සිදු කළ විදෙස් සංචාර සඳහා වැය කළ මුදල්වල මූලාශ්‍ර හෙළි කර නොමැති බවයි. තවද, සැකකරුගේ බිරිඳගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් ලක්ෂ 340ක මුදලක් සහ ඇය විසින් ආරම්භ කර ඇති රුපියල් ලක්ෂ 400ක ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වේ. විමර්ශන කටයුතු සඳහා සැකකරුගේ බිරිඳ ඇතුළු පිරිසගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ඇති බැවින් ඔහු තවදුරටත් රඳවා තබා ගන්නා ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීම අධිකරණය පිළිගත්තේය.












