අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම්වලට ලක්වෙමින් සිටි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ (24) පස්වරුවේ ඔහු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තා වීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් ඔහුව පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී ලබාදුන් වෛද්‍ය උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට යොමු කර ඇත. මේ අතර, රෝහල්ගතව සිටින ඔහුගේ සුවදුක් විමසීම සඳහා පවුලේ සාමාජිකයින් අවසර ඉල්ලා සිටියද, ආරක්ෂක හේතූන් මත මෙතෙක් ඊට අනුමැතිය හිමිව නොමැති බව සඳහන් වේ. රෝහල් පරිශ්‍රයේ ඔහු රැඳී සිටින වාට්ටුව අවට මේ වන විට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














