ඉරානයේ හමුදා ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර සඳහා අමෙරිකානු USS ඒබ්‍රහම් ලින්කන් (Abraham Lincoln) ගුවන් යානා ප්‍රවාහන නෞකාව අඛණ්ඩව සිය දායකත්වය ලබා දෙන බව අමෙරිකානු ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කරයි. ඉරාන හමුදාව විසින් එල්ල කරන ලද කෲස් මිසයිල ප්‍රහාර හේතුවෙන් නෞකාවේ පිහිටීම වෙනස් කිරීමට සිදු වූ බවට ඉරානය කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් අමෙරිකාව මෙම පැහැදිලි කිරීම සිදු කර තිබේ.
අමෙරිකානු බලධාරීන් අවධාරණය කරන්නේ තම මෙහෙයුම්වලට කිසිදු බාධාවක් එල්ල වී නොමැති බවත්, සැලසුම් කළ පරිදි නෞකාවේ සිට ඉරාන ඉලක්ක වෙත ප්‍රහාරාත්මක ගුවන් මෙහෙයුම් අඛණ්ඩව දියත් කරන බවත්ය. මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ මෙම නෞකාව සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන අතර, ඉරාන තර්ජන හමුවේ වුවද සිය මෙහෙයුම් ශක්තිමත්ව පවත්වාගෙන යන බව අමෙරිකාව වැඩිදුරටත් සඳහන් කරයි.














