බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත්වලත්, අනුරාධපුර, මන්නාරම, වවුනියාව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලටත් අද (26) දිනයේ මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කිරීම වැදගත් බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණ අනාවැකියේ සඳහන් වේ. අධික උණුසුම පවතින අවස්ථාවලදී ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම සහ සෘජු හිරු එළියට නිරාවරණය වීම හැකිතාක් අවම කර ගැනීම මගින් සිරුරේ සජලනය පවත්වා ගැනීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.














