2026 වසරේ ජනවාරි 01 වැනිදා සිට මාර්තු 22 වැනිදා දක්වා වූ කාලය තුළ සංචාරකයන් 692,744ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) අද (2026 මාර්තු 26) නිවේදනය කළේය. මැදපෙරදිග පවතින අස්ථාවර වාතාවරණය මධ්‍යයේ වුවද මෙරට සංචාරක ක්ෂේත්‍රය යහපත් වර්ධනයක් පෙන්නුම් කරමින් පවතින බව මෙම දත්ත මගින් තහවුරු වේ.
මාර්තු 01 වැනිදා සිට 22 වැනිදා දක්වා වූ කෙටි කාලය තුළ පමණක් සංචාරකයන් 136,089ක් දිවයිනට පැමිණ ඇති අතර ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වාර්තා වේ. එම සංඛ්‍යාව 135,070කි. මීට අමතරව බ්‍රිතාන්‍යය, රුසියාව, ජර්මනිය සහ චීනය යන රටවලින් ද සැලකිය යුතු සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ තිබේ. සංචාරක ක්ෂේත්‍රයේ මෙම ප්‍රබල පුනර්ජීවනය මෙරට විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීමට ද මහත් පිටුවහලක් වනු ඇත.














