ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පසුගිය අඟහරුවාදා පැවති දුරකථන සංවාදයක ප්‍රතිඵලයක් ලෙස හෙට (28) මෙරටට විශේෂ ඉන්ධන නෞකාවක් පැමිණීමට නියමිතව තිබේ. මෙම නෞකාව ඩීසල් මෙට්‍රික් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් රැගෙන හෙට දිනයේදී කොළඹ වරායට සේන්දු වීමට නියමිත බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් නිවේදනය කර ඇත.
මෙම ඉන්ධන තොගය මෙරට බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම වෙනුවෙන් ඉන්දියාව ලබාදෙන අඛණ්ඩ සහයෝගීතාවයේ තවත් එක් සුවිශේෂී පියවරක් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. දෙරටේ නායකයන් අතර ඇති වූ මෙම එකඟතාවයත් සමඟ මෙරට ඉන්ධන සැපයුම තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














