සෞදි අරාබියේ පිහිටි ‘ප්‍රින්ස් සුල්තාන්’ (Prince Sultan) ඇමෙරිකානු ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් ඇමෙරිකානු සෙබළුන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇමෙරිකානු නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට තහවුරු කළේය. තුවාල ලැබූවන් අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇරඹුණු ඉරාන-ඇමෙරිකානු යුද්ධයේ මාසයක කාලය සනිටුහන් වන මෙම අවස්ථාවේදී, මේ දක්වා තුවාල ලැබූ සමස්ත ඇමෙරිකානු සෙබළුන් සංඛ්‍යාව 300 ඉක්මවා ගොස් තිබේ.
ඇමෙරිකානු හමුදා වාර්තාවලට අනුව, මෙම යුද ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා ඇමෙරිකානු සෙබළුන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තුවාල ලැබූ සෙබළුන්ගෙන් 273 දෙනෙකු ප්‍රතිකාර ලබා නැවත සේවයට වාර්තා කර ඇත. ඉරානය විසින් සිය දිගුදුර මිසයිල පද්ධතිය භාවිත කරමින් සෞදි අරාබිය තුළ පිහිටි ඇමෙරිකානු ඉලක්ක වෙත මෙලෙස ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග කලාපය පුරා දැවැන්ත යුදමය ව්‍යාප්තියක් සිදුවීමේ අවදානම තවදුරටත් ඉහළ ගොස් තිබේ. මෙම ප්‍රහාරයට එරෙහිව ඇමෙරිකාව විසින් ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන බවට ද වොෂින්ටනයෙන් වාර්තා වේ.














