වරකාපොල, මාහේන ප්‍රදේශයේදී කිසිදු බලපත්‍රයකින් තොරව ඩීසල් ලීටර් 1,235ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි 46 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබේ. යුද සමයේ හෝ ඉන්ධන හිඟ පවතින අවස්ථාවල මෙලෙස ඉන්ධන රැස්කිරීම නීතිවිරෝධී වන අතර, පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු තෝලංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ඩීසල් තොගය බැරල් සහ ප්ලාස්ටික් කෑන්වල අසුරා තිබූ අතර, ඒවා කළු කඩයේ වැඩි මිලට අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ බවට පොලිසිය සැක කරයි. සැකකරු සහ ඉන්ධන තොගය වරකාපොල පොලිසිය වෙත භාර දී ඇති අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වරකාපොල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
















