• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බස්නාහිර නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුකමිටුවක් හා නව ආයතනයක් -ජනපති

15 May 2023
in දේශීය

බස්නාහිර පළාත් සංවර්ධනයට අදාළ සුබානා ජුරොං (Surbana Jurong) සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බවත්, එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළව නව ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රටේ ආර්ථිකයට සියයට පනහක පමණ දායකත්වයක් ලබාදෙන බස්නාහිර පළාත විධිමත් නගර සංවර්ධන සැලැස්මක් ඔස්සේ පුළුල් සංවර්ධනයකට ලක් කළයුතු බව අවධාණය කළ ජනාධිපතිවරයා අවිධිමත්ව සිදු කෙරෙන නගර සංවර්ධනය පසුව පාලනය කළ නොහැකි තත්ත්වයක් වනු ඇති බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ අදාළ නිලධාරීන් සමඟ ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

නැගෙනහිර පළාත සඳහා වු සංවර්ධන සැලැස්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

1997 පමණ ඉන්දික ගුණවර්ධන අමාත්‍යවරයා බස්නාහිර පළාත් සංවර්ධනයට අදාළ පළමු සැලැස්ම ඉදිරිපත් කළ බව සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව සිංගප්පුරුවේ සුබානා ජුරොං (Surbana Jurong) සමාගම 2004 වසරේ ඉදිරිපත් කළ සැලැස්ම ද ක්‍රියාත්මක නොවු බව කියා සිටියේය.

ඉන් අනතුරුව 2015 වසරින් පසුව එම සමාගම විසින් අදාළ සැලැස්ම නැවත සංශෝධනය කර ලබා දුන් අතර එම සැලැස්ම පිළිබඳ සියලුදෙනා සමග සාකච්ඡා කර, අවශ්‍යනම් තවදුරටත් සංශෝධන සහිතව බස්නාහිර පළාතට අවශ්‍ය මුලික සංවර්ධන සැලැස්ම පිළිබඳ කඩිනම් තීරණයකට එළැඹෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය හරහා බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ප්‍රධාන සංවර්ධන සැලැස්ම ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කෙරිණි.

එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීම සහ ඉඩම් පවරා ගැනීම් සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර එම කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, විජයදාස රාජපක්ෂ, නලින් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Post Views: 7
Previous Post

රාජ්‍ය පෙරලීමට කිසිවකුට අයිතියක් නැහැ .. එය ත්‍රස්තවාදී ක්‍රියාවක් – ඇමති ප්‍රසන්න

Next Post

ළමා අපයෝජන වැළැක්වීමට දැඩි නීති කෙටුම්පත් සකස් කරන්න – ජනපති

editor

editor

Next Post

ළමා අපයෝජන වැළැක්වීමට දැඩි නීති කෙටුම්පත් සකස් කරන්න - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved