• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රීඩා පාසල් සඳහා නව උපදෙස් ඇතුළත් චක්‍රලේඛය නිකුත් වෙයි

10 September 2020
in දේශීය

ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් 2020-09-08 දිනැති 24/2020 දරන චක්‍රලේඛය නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම, ක්‍රීඩා පාසල්වල පරිපාලන හා මූල්‍ය කටයුතු මෙන් ම ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළව ඉදිරියේ දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන් හා ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයකි.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් ම නියෝජනය වන පරිදි මේ වනවිට ක්‍රීඩා පාසල් 25ක් ස්ථාපනය කර ඇති අතර, එම පාසල් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම වෙනුවෙන් පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සියලු ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ හමුවේ දී ගත් තීරණ අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

පාසල් සිසුන්ගේ ක්‍රීඩා සාධන මට්ටම් උසස් තත්ත්වයකට ගෙන එමින්, විධිමත් ක්‍රීඩා අධ්‍යාපනයක් ලබාදීමට හැකි පාසල් පරිසරයක් ඇති කිරීමත්, එමඟින් ජාත්‍යන්තරය ජයගත හැකි විශිෂ්ට ක්‍රීඩකයින් මෙරට පාසල් ක්‍රීඩා පද්ධතිය තුළින් බිහිකිරීමත් ක්‍රීඩා පාසල් ස්ථාපනය කිරීමේ ප්‍රමුඛ අරමුණු වේ.

ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම 8 වැනි ශ්‍රේණියෙන් ආරම්භ කෙරෙන අතර, ක්‍රීඩා සඳහා විශේෂ හැකියාවක් සහ ලැදියාවක් සහිත සිසුන්ගෙන් නියමිත සාධන මට්ටමට පැමිණි සිසුන් සම්මුඛ පරීක්ෂණ මගින් තෝරා ක්‍රීඩා පාසල් වෙත ඇතුළත් කරනු ලැබේ.

එහෙත් 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව සමතුන්ගෙන් 6 ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ගෙන් පන්තියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව පූරණය වීම නිසා ක්‍රීඩා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී මතුව පවත්නා ගැටළුවට විසඳුම් ලෙස සෑම ක්‍රීඩා පාසලකම 8 ශ්‍රේණිය සඳහා වෙනම පන්තියක් ආරම්භ කිරීමට මෙම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම ක්‍රීඩා පාසල්වල මානව සම්පත් සංවර්ධනය, භෞතික සම්පත් සංවර්ධනය, දැනට පවත්නා ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම හා නවීකරණය නේවාසිකාගාර අලුත්වැඩියා කිරීම සහ අවශ්‍ය සම්පත් සකස් කරදීම ඇතුළු ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් ද ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ත්‍රිවිධ හමුදාවේ විශේෂ සහාය ද ඇතිව ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග දියත් කෙරේ.

 

Post Views: 28
Previous Post

රටේ නිෂ්පාදනය ශක්තිමත් කරන්න සියළු රාජ්‍ය අංශ එක්විය යුතුයි – අමාත්‍ය විමල්ගෙන් උපදෙස්

Next Post

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට WHO වලින් විශේෂ සම්මාන දෙකක් පිරිනමයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට WHO වලින් විශේෂ සම්මාන දෙකක් පිරිනමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved