27 April 2024
#දේශීය

කොරියාවෙන් මෙරටට කෝටි 43 ක ඖෂධ හා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

මෙරට සෞඛ්‍ය පද්ධතියට අත්‍යවශ්‍ය කෝටි 43ක ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් කොරියානු රජයේ හා ජනතාවගේ සහයෝගයෙන් පරිත්‍යාගයක් ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

කොරියානු සංවිධානයක් වන The Global Life Sharing ආයතනය මගින් එකතු කරනු ලැබූ මෙම පරිත්‍යාගයන් World Unreached People Mission සංවිධානයේ සම්බන්ධීකරණයෙන් හා සහයෝගයෙන් ඊයේ (17) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත එම ආයතනයන්හි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ දේවගැති ඒ.ෆ්‍රැන්සිස් මහතා විසින් නිල වශයෙන් භාර දෙනු ලැබීය.

අදියර කිහිපයක් ඔස්සේ පරිත්‍යාග කිරීමට නියමිත මෙම ඖෂධ හා ඖෂධ උපකරණ අතුරින් මෙලෙස පරිත්‍යාග කෙරුණු කෝටි 43 ක පළමු පරිත්‍යාගයේ අක්ෂි රෝග, බැක්ටීරියා ආසාදන, චර්ම රෝග ,ප්‍රතිජීවක හා වේදනා නාශක ඖෂධ හා උපකරණ රැසක් පවතී.

මෙම අවස්ථාව සඳහා හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන වඩිවේල් සුරේෂ් ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අධ්‍යක්ෂ (තාක්ෂණික කමිටු ,කොවිඩ් 19 වසංගත රෝග කළමණාකරණ හා වෛද්‍යාධාර සම්බන්ධීකරණ) වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන්ද සහභාගී වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *