27 April 2024
#දේශීය

A/L විභාගය ජනවාරි 23 වනදා ඇරඹෙයි

අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි මස 23 වෙනිදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී.අමිත් ජයසුන්දර මහතා පවසයි.

එම විභාගය පෙබරවාරි මස 17වෙනිදා දක්වා පැවැත්වෙන බව අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

ඉරිදා සහ රජයේ නිවාඩු හැර සම්පූර්ණ දින 22ක් විභාගය පැවැත්වෙන බව පැවසු විභාග කොමසාරිස් ජනරාල්වරයා, අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා අයදුම්කළ මුළු අපේෂකයින් 331,709 අතරින් පාසැල් අයදුම්කරුවන් 278,196 ක් සිටින බවත් පෞද්ගලික අයදුම්කරඅවන් 53,513ක් සිටින බවකියා සිටියේය.

මුළු දිවයිනම ආවරණය වන පරිදි විභාග මධ්‍යස්ථාන 2200ක් සූදානම් කර ඇති අතර බන්ධනාගාර රැදවියන් සඳහා වැලිකඩ මැගසින්ස් බන්ධනාගාරයේ විභාග මධ්‍යස්ථානයක්ද විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා රත්මලාන , තංගල්ල ප්‍රදේශයේ විභාග මධාස්ථාන 02 ක් ද මහරගම අපේක්ෂා රෝහලේ විභාග මධ්‍යස්ථානයක්ද ආදි වශයෙන් විශේෂීත වූ විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *