27 April 2024
#ව්‍යාපාර

කොටස් වෙළඳ පොළේ දැවැන්ත පිබිදීමක්

කොටස් වෙළෙඳපොළ මිල දර්ශක ඊයේ(18) දින දැවැන්ත පිබිදීමක් සහ  වර්ධනයක් වාර්තා කල බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තාවන ආකාරයට අද දිනයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 167.81 කින් ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 3.78% ක වර්ධනයකි. 

මේ අතර S&P SL20 දර්ශකය ඒකක 92.20 කින් ඉහළ ගියේ 5.25% ක වර්ධනයක් සමඟින්ය.

මෙය 2012 වසරේ S&P SL20 දර්ශකය හඳුන්වා දුන් දින සිට මේ දක්වා කාලය තුළ තනි දිනක් තුළ දී ඉහළ ගිය වැඩිම ප්‍රතිශතාත්මක වර්ධනය වේ.

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,606.85 ක් හා S&P SL20 දර්ශකය ඒකක 1.847.71 ක් වශයෙන් වාර්තා විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *