• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෞද්ගලික මන්ත්‍රී යෝජනා, පමාවකින් තොරව විවාදයට ගැනීම සඳහා අලුත් ක්‍රමවේදයක් – සභානායක දිනේෂ්

22 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා, පමාවකින් තොරව විවාදයට ගැනීම සඳහා අලුත් ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්හ වී ඇති බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

සභානායකවරයා මේ බව පැවසුවේ අද (22) බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා කල අදහසකට පිළිතුරු ලබා දෙමිනි.

රටට දැනගැනීමට හැකි ආකාරයට, එම යෝජනා, විශේෂ කාරක සභාවක විවාද කළ හැකිද යන්න සම්බන්ධයෙන් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ ගැන අවසන් නිගමනයට පැමිණීමේදී කථානායකවරයා මන්ත්‍රීවරුන්ගේද අදහස් විමසනු ඇති බවත්, සභානායකවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුව කල් දැමීමට පෙර විවාදයට ගැනීමට දින වෙන් කළ නොහැකි වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා විශාල සංඛ්‍යාවක් ඇති බව පැවසූ, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දීර්ඝ කාලයක් යනතුරු බලා නොසිට මේ වසර තුළදී හෝ, මෙම යෝජනා විවාදයට ගැනීමට අවස්ථාව සලසා දීම නව ක්‍රමවේදයේ අපේක්ෂාව බවද කියා සිටියේය.

මෙහිදී සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා “ කථානායකතුමනි, ගරු බුද්ධික මන්ත්‍රීතුමා නගපු කාරණය ඉතාම වැදගත්. දැනට පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා විශාල සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව කල් දැමීමට පෙර විවාදයට දිනයක් ගන්න බැරි වුණා. මොකද, ගරු කථානායකතුමනි, ඔබතුමත් දන්නවා අපේ පක්ෂ නායක කමිටුවේ තමයි පාර්ලිමේන්තු දින තීරණය කරන්නේ. සභාව කල් තැබීමේ යෝජනා විශාල ප්‍රමාණයකට අපි ඉඩ දුන්නා. තවමත් අපිට ශෝක යෝජනා සියල්ල හමාර කරගන්න බැරි වී තිබෙනවා. ඒ නිසා ඊට අතිරේකව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවලට ස්ථාවර නියෝග යටතේ මන්ත්‍රීතුමා සඳහන් කළ පරිදි එක් දිනයි ලැබෙන්නේ. ගරු කථානායකතුමන්ගේ එකඟතාවයෙන්, ප්‍රශ්නවලට පිළිතුර දීම සඳහා, පක්ෂ නායකයන් එකතුවෙලා දින දෙකකදී සම්පූර්ණයෙන් ඒ ප්‍රශ්නවලට පිළිතුරු දී ඉවර කළා, ඒ අවුරුදු දෙකේම ඉතිරිවෙලා තිබුණු ප්‍රශ්න. ඒ නිසා අපි පෞද්ගලික මන්ත්‍රී යෝජනා ගැන අලුත් ක්‍රමවේදයක් ගැන සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ ගැන කෙටුම්පතක් ඉදිරිපත්කරලා තියෙනවා ලේකම් මණ්ඩලයෙන්. අපි සාකච්ඡා කරනවා, මේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඒ ආකාරයෙන්ම රටට දැනගන්න පුළුවන් ආකාරයට අපේ විශේෂ කාරක සභාවක මේ විවාදයම කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒ ගැන අවසන් නිගමනයකට පැමිණීමේදී ඔබතුමන්ලාගේද අදහස් විමසීමට කථානායකතුමා කටයුතු කරයි. දැනට ඒක සාකච්ඡා කරමින් ඉන්නේ. පෞද්ගලික මන්ත්‍රීතුමන්ලට දීර්ඝ කාලයක් යනතුරු බලන් නොසිට මේ අවුරුද්ද තුළ හරි තමන්ගේ යෝජනා ගන්න අවස්ථාව සලසා දෙන්න.” යැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6
Previous Post

සංචාරක කළාප විදුලි කප්පාදුවෙන් නිදහස් කරන්න – චාරක ඇමති ප්‍රසන්න ජනපතිගෙන් ඉල්ලයි

Next Post

බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිල ටික්ටොක් ගිණුම එළි දැක්වෙයි

editor

editor

Next Post

බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිල ටික්ටොක් ගිණුම එළි දැක්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025
අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

අනුදි Miss World Talent Competition හි අර්​ධ අවසන් පූර්ව වටයට

19 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

19 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

ජෝ බයිඩන්ට රෝගී තත්වයක්

19 May 2025
යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

යුද්ධය නිමා කල සේනාධිනායකයා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ පැතුම !

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved