27 April 2024
#දේශීය

බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිල ටික්ටොක් ගිණුම එළි දැක්වෙයි

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීන සමාගමක් වන CITS Overseas Economic Cooperation Co. Ltd. ආයතනය සමඟ එක්ව පසුගිය 18 වනදා තානාපති කාර්යාලීය නිල ටික්ටොක් ගිණුම එළි දැක්වීය.

මෙම ටික්ටොක් ගිණුම හරහා තානාපති කාර්යාලය මඟින් සංවිධානය කෙරෙන ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, නිෂ්පාදන සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට අදාළ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කෙරෙනු ඇත.

ටික්ටොක් යනු චීනයේ වඩාත් ජනප්‍රිය සමාජ මාධ්‍ය වේදිකාවකි. ලොව පුරා වෙසෙන බිලියන 2.4 ක පමණ ජනතාවක් දිනකට ටික්ටොක් වෙත ප්‍රවේශ වන අතර බිලියන 2 ක පමණ ජනතාවක් එහි ක්‍රියාකාරී පරිශීලකයන් වේ.

මෙම සමාජ මාධ්‍ය වේදිකාව එළි දක්වමින් තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ශ්‍රී ලංකාව පිළිබඳව, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සහ සංචාරක විභවය පිළිබඳව චීන ප්‍රජාව අතර දැනුවත්භාවය ඉහළ නැංවීම සඳහා මෙම ගිණුම බෙහෙවින් ඉවහල් වන බව පැවසීය. චීන සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත පැමිණීම තවදුරටත් දිරිමත් කිරීමට මෙමඟින් උපකාරී වනු ඇත. ජාතික වෙළඳ ප්‍රවර්ධනය සඳහා වන චීන මණ්ඩලයේ උප සභාපති ආචාර්ය ගාඕ ෆු මහතා ද මෙම අවස්ථාවේ දී අදහස් දැක්වීය.

චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිල ටික්ටොක් ගිණුම සම්බන්ධයෙන් වන සියලු වියදම් CITS Overseas Economic Cooperation Co., Ltd ආයතනය විසින් දරනු ඇත.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *