27 April 2024
#දේශීය

සංචාරක කළාප විදුලි කප්පාදුවෙන් නිදහස් කරන්න – චාරක ඇමති ප්‍රසන්න ජනපතිගෙන් ඉල්ලයි

සංචාරක කළාප විදුලි කප්පාදුවෙන් නිදහස් කරන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි.

ඊයේ (21) පැවති කැබිනට් රැස්වීමේ දී විදුලි බල හා ඉන්ධන ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා වු අවස්ථාවේ දි ඇමතිවරයා මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා මෙහිදී පවසා ඇත්තේ කොවිඩ් වසංගතයෙන් පසුව සංචාරක ව්‍යාපාරය යළි හිස ඔසවමින් පවතින අවස්ථාවක විදුලිය කප්පාදුව නිසා සංචාරක ව්‍යාපාරයට බාධාවක් එල්ල විය හැකි බවයි.

මේ වන විටත් සංචාරක ව්‍යාපාරයේ නිරතවූවත් මේ සම්බන්ධයෙන් ඉල්ලිම් ඉදිරිපත් කර ඇති බවත් මේ නිසා අඩුම තරමින් සංචාරක කළාපවත් මෙම විදුලි කප්පාදුවෙන් නිදහස් කරන්න යැයි ඇමතිවරයා පවසා තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *