• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙබ් අඩවි නියාමනයට නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති 02 තුළ – ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය කියයි

22 November 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වෙබ් අඩවි නියාමනයට පාලනයක් අවශ්‍ය බවත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති 02 තුළ ක්‍රියාත්මක කරන බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේදී ඊයේ (21) එක් වෙමිනි.

සමාජ මාධ්‍ය මඟින් ජාතිවාදය ඇවිස්සීමට ගන්නා උත්සහය පාලනය කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් මහතා මෙහිදී පැවසීය.

එවැනි දේ පාලනය වෙනුවෙන් සිංගප්පූරුවේ නව පනතක් සම්මත වූ බවත්, එය ද අධ්‍යයනය කර නව වැඩපිළිවෙලක් සැකසිය යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරිස් මහතා මෙහිදි කීවේය.

පුරවැසියන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත් පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා උපදේශක කාරක සභාවේ දී අවධාරණය කළේය. ජනමාධ්‍ය මඟින් සමස්ත පුරවැසි අයිතීන් ආරක්ෂා කළ යුතු බව ද හෙතෙම පැවසීය. අසාධාරණ මඩගැසීම් පාලනය කළ යුතු බවත්, ජනමාධ්‍ය සඳහා යම් නියාමනයක් අවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා පැවසුවේ පුවත් පත් මණ්ඩල පනතට එක් කරන සංශෝධන පිළිබඳව ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී සාකච්ජා කිරීම මඟින් එම කටයුතු පහසු වන බවයි. රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය නියාමනයට නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවද හෙතෙම පැවසීය.

අදාළ සංශෝධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට යොමු කිරීමෙන් අනතුරුව වයවස්ථා කෙටුම්පත් කමිටුවට යොමු කිරීම ඉතා පහසුවන බව මෙහිදි අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්‍ය ජී.ඇල් පීරීස් මහතා පැවසීය. පනතක් එවැනි තාක්ෂණීක කමිටුවකට යොමු කිරීම ඉතා වැදගත් බව ද මහාචාර්‍යවරයා පෙන්වා දුන්නේය.

ජනමාධ්‍ය ආයතන වලට ස්වයං නියාමන ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව 2015 වසරේදී සාකච්ජා වූ බවත්, එම වැඩපිළිවෙල නැවත ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මෙහි දී අවධාරණය කළේය.සිවිල් පුරවැසියන්ට මාධ්‍ය මඟින් සිදු කරන හානිය සුවිශාල බව ද ඔහු පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අයි නාලිකාව මඟින් පාර්ලිමේන්තු සභාවාර විකාශය කිරීම නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ජා විය. ජනමාධ්‍යයට සම්බන්ධ පාර්ශව වෘත්තීයවේදීන් ලෙස පිළිගැනීම, ජනමාධ්‍යවේදීන් සඳහා අවම වැටුප් ක්‍රමයක් සැකසීම, ජනසන්නිවේදනය පිළිබඳ උපාධිධාරින් ඊට අදාළ රැකියා සඳහා යොමු කිරීම, ජනමාධ්‍ය විෂය ඉගැන්වීම සඳහා ගුරුවරුන් පාසල් සඳහා පත් කිරීම වැනි කාරණා පිළිබදව ද කාරක සභාවේ අවධානය යොමු විය.

රාජ්‍ය නාලිකාවල ප්‍රමිතිය ඇති කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කාරක සභාවේ අවධානය යොමු කළේය. ස්වාධින රූපවාහිනි සේවයට වසර 04 ක් තුළ සභාපතිවරුන් 06 දෙනෙක් පත්කර තිබෙන බවත් 2014 වන විට එම නාලිකාව සමීක්ෂණ වාර්තා වලට අනුව අංක එකේ පසු වූ බවත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය. පසුගිය රජය සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයට පත් වු බවත්, වසර 02 ක් තුල එම ආයතන ලාභ ලබන මට්ටමට නැවත පත් කරන බවත් ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

ජනමාධ්‍යවේදින්ට අධ්‍යාපනික ශිෂ්‍යත්ව ලබාදීම සහ, මාධ්‍ය උපකරණ ලබා ගැනීම වෙනුවෙන් සහනදායි ණය ලබා දෙන බවත් , ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සුබසාධන වැඩකටයුතු රැසක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. කාරක සභාව තුළදී දේශපාලන තීන්දු ගැනීමට සූදානම් නොමැති බවත්, සියලු පාර්ශව සමඟ සාකච්ජා කර පොදු තීරණ ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා මෙහිදී පැවසුවේ ප්‍රවෘත්ති සඳහා භාවිත කරන භාෂාවේ ප්‍රමිතිය සම්බන්ධව සොයා බැලිය යුතු බවයි. ඒ සඳහා ක්‍රමවේදයක් සැකසිය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ළඟදීම ආර්ම්භ කරන බවත් , සදාචාරාත්මක මාධ්‍යවේදය ඉගැන්වීම සඳහා ජනමාධ්‍ය විද්‍යාලයක් ලබන වසරේ දී ආරම්භ කරන බවත් , ජනමාධ්‍ය අමත්‍යාංශයේ ලේකම් ජගත් පි. විජේවීර මහතා කාරක සභාවට දැනුම් දුන්නේය.

උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් අවස්ථාවල දී ජනමාධ්‍යවේදීන්ට තර්ජනවලට මුහුණ දීමට සිදුවන බවත්, එවා පාලනයට මැදිහත් වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා සහාපතිවරයාගෙන් ඉල්ලිමක් කළේය. එවැනි අවස්ථාවල දී කඩිනමින් ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ පොලිස්පතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් සභාපතිවරයා පැවසීය.

තැපල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීම සහ ලිපි බෙදීමේ ප්‍රදේශ නැවත සීමානිර්ණය කල යුතු බවත් කාරක සභාවේදී සාකච්ජා විය. එමෙන්ම උප තැපල් කාර්‍යාල ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් ලබන වසරේ දී අරඹන බව ද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා කාරක සභාවේ දී පැවසීය. ආදේශකයන් ස්ථිර කිරීම පිළිබඳව ඉදිරියේ දී සලකා බලන බව ද හෙතෙම පැවසීය.

මේ අවස්ථාවට අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ඉසුරු දොඩංගොඩ, ගුණතිලක රාජපක්ෂ, සාගර කාරියවසම්, ජයන්ත වීරසිංහ යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද රාජ්‍ය නිලධාරිහු ඇතුළු පිරිසක් එක් වූහ.

 

 

 

 

 

Post Views: 4
Previous Post

අරලියගහ මන්දිරය වසා දමා නෑ – පැතිරයන පුවත අසත්‍යයකි – අගමැති මාධ්‍ය අංශය පවසයි

Next Post

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් පැවැත්වීමට සියලු පාර්ශවවල සහාය අවශ්‍යයි – අධ්‍යාපන ලේකම්

editor

editor

Next Post

සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් පැවැත්වීමට සියලු පාර්ශවවල සහාය අවශ්‍යයි - අධ්‍යාපන ලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025

Recent News

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved