• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පළාත් සෞඛ්‍ය සමුළුවක්

8 June 2023
in දේශීය

මධ්‍යම රජය යටතේ පවතින රෝහල් ඇතුලු සෞඛ්‍ය සේවාවන් හා පළාත් සභා යටතේ පවතින එම සේවාවන් අතර අන්තර් සම්බන්ධතාවය ඉහළ නංවමින් මෙරට ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විශේෂ පළාත් සෞඛ්‍ය සමුළුවක් පසුගිය 06 වනදා පැවැත්විණ.

මෙම සමුළුව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙ‍‍‍‍‍‍ලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහෙන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

රේඛීය අමාත්‍යාංශය මගින් පාලනය වන ජාතික රෝහල්, මහ රෝහල්, ශික්ෂණ රෝහල්, දිස්ත්‍රික් රෝහල් ඇතුලු සෞඛ්‍ය පද්ධතිය මෙන්ම පළාත් සභා යටතේ පාලනය වන මුලික රෝහල්, පර්යන්ත රෝහල්, ග්‍රාමීය රෝහල් ඇතුලු සෞඛ්‍ය පද්ධතිය වඩාත් ඉහළ ගුණාත්මක මට්ටමින් පවත්වාගෙන යාම සදහා රේඛීය අමාත්‍යාංශය සහ පළාත් සභාවත් අතර අන්තර් සම්බන්ධතාවයක් හා සහයෝගීතාවන් ඉහළ නැංවීම මින් අපේක්ෂා කෙරේ.

මෙයට පෙර පළාත් සභා සක්‍රීය මට්ටමේ පැවැති අවස්ථාවේ පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන්, පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු ඒ ඒ පළාත්හි ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙවැනි සමුළු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පවත්වනු ලැබීය.

එහෙත් පසුගිය වකවානුවේ පැවැති ගෝලීය කොවිඩ් වසංගතය හා දේශපාලන හා ආර්ථික ගැටළු හමුවේ එය පැවැත්වීමට නොහැකි වූ අතර, මේ වනවිට මෙරට සෞඛ්‍ය පද්ධතිය නිසි කළමණාකරණයකින් සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින අවස්ථාවක මධ්‍යම රජය සහ පළාත් සභාවන් අතර අන්තර් සම්බන්ධතාවය ඉහළ නංවමින් ජාතික සෞඛ්‍ය පද්ධතිය වඩාත් ගුණාත්මකව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත මෙවැනි සමුළුවක් පැවැත්වීමට එම අමාත්‍යාංශය පියවර ගැණිනි.

මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ඡේ.එම් මුසම්මිල්, වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස් එම් චාල්ස්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තීල් තොණ්ඩමන් යන මහත්ම මහත්මින් එක්ව සිටි අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 9
Previous Post

වැරදුන තැනට වඩා ඉස්සරහාට යන විදිහ තමා බලන්න ඕන – හිටපු ඇමැති දුමින්ද

Next Post

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව IADRC සමග අත්වැල් බැඳගනී

editor

editor

Next Post

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව IADRC සමග අත්වැල් බැඳගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved