ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වෙනි උපසම්පදා මහා විනය කර්මය ඊයේ (20 ) සවස සිට 27 දක්වා මාතලේ පුරිජ්ජල ශ්‍රි සංඝබෝධි පිරිවෙන් විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන මාතලේ බණ්ඩාරපොල සුදුගග උදකුක්ඛේප සිමා මාලකයේදි සාමණේර හිමිවරුන් 300ක් පමණ උපසම්පදා අධිශිලයෙහි පිහිටුවිම සිදු කෙරේ.
ඒ නිමිත්තෙන් පැවැත්වෙන රාජ්‍ය පුණ්‍යමහොත්සවය (20) දින ප.ව 9.00ට මාතලේ එඩ්වඩ් සිල්වා ක්‍රිඩාංගණයේදි ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලැවේ විමල නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු ගිහි ආරාධිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මාතලේ මහේෂ් කිර්තිරත්න












