අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන හුදකලා සිදුවීමක් පමණක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ මෙම අපරාධය සිදුවූ ප්‍රදේශය අධි ආරක්ෂක කලාපයකට අයත් නොවන බවයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන අතර එය රටේ සමස්ත ආරක්ෂක තත්ත්වයට බලපෑමක් නොවන බව රජයේ ස්ථාවරය වී තිබේ














