• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියළු ප්‍රශ්ණ නොබෝ දිනකින් විසදනවා .. අගමැතිගේ නායකත්වයෙන් ආණ්ඩුව තවදුරටත්

22 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාව ඒකමතිකව සම්මත වු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යෑමේ යෝජනාව පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක එකේ ඊයේ (21) පස්වරුවේ රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.

රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආණ්ඩුව ඊට ශක්තිමත්ව මුහුණ දිය යුතු බවත් ඒ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යායුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා මෙම රැස්වීමේ දී යෝජනා කළේය.

සියලුම මන්ත්‍රීවරුන් ඉහළට අත් ඔසවමින් එම යෝජනාවට ඒකමතිකව සහය පළ කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ.සුමිත් මහතා එම යෝජනාව ස්ථිර කළේය.

ඉදිරි සති කිහිපය තුළ ජනතාවට අවශ්‍ය කඩිනම් සහන ලබා දීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී විෂය භාර අමාත්‍යවරු විසින් පැහැදිලි කරනු ලැබූහ.

මෙහිදී අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ සති කිහිපයක් ඇතුළත ඉන්ධන සහ විදුලි කප්පාදු ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය.
ගෑස් ගැටළුවද සති කිහිපයක් ඇතුළත විසඳිය හැකි බව අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී කියා සිටියේය.

උද්ගත වූ තත්ත්වයත් සමඟ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් අමාත්‍යධුර වලින් ඉවත්ව ලබා දුන් සහයෝගයට පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ ස්තූතිය මෙහිදී පිරිනැමිණි.

නවක අමාත්‍යවරුන්ට ශක්තිමත්ව ඉදිරි කටයුතු කරගෙන යෑමට අවශ්‍යය සහයෝගය ලබාදෙන බවට මන්ත්‍රීවරු මෙහිදී පැවසූහ.

ආණ්ඩුව අස්ථාවර බවට ගෙන යන වැරදි ප්‍රචාර තුළින් ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය බිඳ දැමීමට යම් යම් පිරිස් කටයුතු කරගෙන යන බවද ආණ්ඩුව අස්ථාවර වීමට පක්ෂයේ මන්ත්‍රීවරුන් ලෙස කිසිසේත් ඉඩ නොතබන බවද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු මෙහිදී අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කළහ.

ආණ්ඩුව ශක්තිමත් කිරීමට අවශ්‍ය සහයෝගය ඉදිරියේදී තවත් ඉහළ යනු ඇතැයි මන්ත්‍රීවරු මෙහිදී ප්‍රකාශ කළහ.

මෙම අවස්ථාවට සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්වරු සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තුවේ සභානායක ලේකම් හර්ෂ විජේවර්ධන, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම් චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වුහ.

 

 

Post Views: 1
Previous Post

පිහි ඇනුමකින් අයෙකු මරුට

Next Post

ඉන්ධන බෙදා හැරීමට ආරක්ෂක අංශ සහ දුම්රිය දෙපාර්තමේන්තු සහය ලබා ගන්නවා – ඇමැති කංචන

editor

editor

Next Post

ඉන්ධන බෙදා හැරීමට ආරක්ෂක අංශ සහ දුම්රිය දෙපාර්තමේන්තු සහය ලබා ගන්නවා - ඇමැති කංචන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved