27 April 2024
#දේශීය

පිහි ඇනුමකින් අයෙකු මරුට

බදුල්ල නගරයේදී පිහියකින් ඇණ බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (21) දහවල් කාලයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 46 න් වු බදුල්ල ප්‍රදේශයෙ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය බදුල්ල රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර ඝාතනය සිදු කල සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බදුල්ල පොලිසිය විමර්ශන කටයුතු සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *