27 April 2024
#දේශීය

ඉන්ධන බෙදා හැරීමට ආරක්ෂක අංශ සහ දුම්රිය දෙපාර්තමේන්තු සහය ලබා ගන්නවා – ඇමැති කංචන

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය යථා තත්වයට පත් කිරීම සහ කඩිනමින් බෙදා හැරීම සඳහා අනුබද්ධ ආයතන, ශ්‍රී ලංකා යුධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, පොලීසිය හා දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් පාර්ශවකරුවන් ගෙන් සමන්විත ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන බව බලශක්ති හා විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(21) කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි.

රට පුරා විවිධ ජන ඒකරාශීවීම් සහ මාර්ග අවහිර කිරීම් නිසා පසුගිය දිනවල ඉන්ධන ප්‍රවාහනයට දැඩි බාධා එල්ලවිණි. ඉදිරි දින කීහිපය තුල ඉන්ධන සැපයුම යථා තත්වයට පත් කිරීමට හා විධිමත්ව බෙදා හැරීමට නියමිතය.

පසුගිය දිනවල ඉන්ධන ප්‍රවාහනය කරන පුද්ගලයන්ට පහර දීම නිසා ඔවුහු සේවයෙන් ඉවත් වූහ. ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රිය සේවය හා ඉන්ධන ටැංකි මේ වන විට යථා තත්වයට පත් කොට ඇති අතර ඊයේ ඉන්ධන ටැංකි 600කට ආසන්න සංඛ්‍යාවක් සහ දුම්රිය 05ක් මගින් ප්‍රවාහනය කෙරිණ.

ඉන්දීය ණය ආධාර යටතේ තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක් පසුගියදා ශ්‍රී ලංකාවට ලඟා විය. මාස දෙකක් තුළ ඉන්දියානු සහයෝගය යටතේ විවිධ වර්ගයේ ඉන්ධන වර්ග මෙට්‍රික් ටොන් 400,000 ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට සපයා තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *