• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් වාර්ෂික සම්මාන රාත්‍රිය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

16 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ වාර්ෂික සම්මාන රාත්‍රිය පසුගිය මැයි 18 වන දින ශ්‍රී ජයවර්ධනපුර ‘Monarch Imperial’ හෝටලයේදී පැවැත්විණි.

බාධා ජයගනිමින් අඛණ්ඩව සාර්ථකත්වය කරා යාමට සමාගම දක්වන උනන්දුව නිරූපණය වන පරිදි “Rising above the Challenge” යන තේමාව යටතේ උත්සවය පවත්වන ලදි. අභියෝගකාරී ආර්ථික පරිසරය හමුවේ පවා ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කරමින් අඛණ්ඩව ඉදිරියට යාමට අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම සමත් වී තිබේ.

අමානා ටකාෆුල් දීපව්‍යාප්ත ශාඛා ජාලයේ සාමාජික සාමාජිකාවන් රැසක් මෙහිදී සම්මානවලින් පිදුම් ලැබූහ. මෙම විශිෂ්ටයන්ගේ නොසැලෙන සහයෝගය සමගින් අභියෝග සියල්ල ජයගනිමින් අඛණ්ඩව ඉදිරියට යාමට තමන්ට හැකියාව ඇති බව, අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ කළමනාකාරීත්වය මෙහිදී අවධාරණය කළේ ය.

සම්මාන උළෙලේදී සාමාන්‍ය රක්ෂණ අංශයේ ඉහළම සම්මානය වූ ‘Champion of Champions’ සම්මානය හිමිකරගන්නා ලද්දේ එම්. එම්. කේ. මුනීෆ් විසිනි. අදාළ කාලසීමාව තුළ පෙන්නුම් කළ විශිෂ්ට කාර්යසාධනය වෙනුවෙන් ඔහුට මෙම සම්මානයට අමතරව මුදල් ත්‍යාගයක් සහ විදේශ සංචාරයක්ද හිමි විය.

ජීවිත රක්ෂණ අංශයේ ‘Champion of Champions’ සම්මානය ඒ. එච්. ඒ. ඉෆ්හාම් විසින් දිනාගන්නා ලදි. ‘Court of the Table’ (COT) සුදුසුකම් හිමිකර ගැනීමට සමත් වීම ඇතුළුව පසුගිය කාලය තුළ ඔහු විසින් පෙන්නුම් කරන ලද විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබී ය. අමානා ටකාෆුල් ජීවිත රක්ෂණ සමාගමේ ඉතිහාසය තුළ එහි රක්ෂණ උපදේශකවරයෙකු Court of the Table සුදුසුකම් ලබාගත් ප්‍රථම අවස්ථාව මෙයයි. ඒ වෙනුවෙන් ඔහුට මෙම සම්මානයට අමතරව මුදලින් රු. මිලියනයක මුදලක්ද පිරිනමන ලදි. තම ඉලක්කය මෙන් තුන් ගුණයක සාර්ථකත්වයක් ළඟා කරගන්නා රක්ෂණ උපදේශකවරුන්ට Court of the Table සුදුසුකම හිමිවන අතර, එය රක්ෂණ උපදේශකවරයෙකුට තම වෘත්තීය ජීවිතය තුළ හිමිකරගත හැකි දෙවැනි ඉහළම සුදුසුකම ලෙස සැලකේ.

“මෙම සම්මාන උළෙල, අදාළ වර්ෂය තුළ විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරමින් අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ සාර්ථකත්වයට සුවිශාල දායකත්වයක් දක්වන වෘත්තිකයන් ඇගයීමට ලක්කිරීමට ලැබෙන අගනා අවස්ථාවක්. අභියෝග ජයගනිමින් විශිෂ්ටත්වය කරා පියමනින්නට අපට හැකියාව ලැබී තිබෙන්නේ ඔවුන්ගේ නොසැලෙන උනන්දුව හා කැපවීම නිසයි.” අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති සුල්ෆිකර් ගවුස් මහතා පැවසී ය.

අමානා ටකාෆුල් ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති සුල්ෆිකර් ගවුස්, අමානා ටකාෆුල් ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති ඔස්මාන් කාසිම්, සමාගම් දෙකේ අධ්‍යක්ෂ මණ්ඩලවල සාමාජිකයන් සහ ප්‍රධාන විධායක නිලධාරීවරුන් මෙන්ම අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා ප්‍රමුඛව එම බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සම්භාවනීය ආරාධිතයන් විශාල පිරිසක් මෙම සම්මාන උළෙලට සහභාගී වූහ.

පාරිභෝගික කේන්ද්‍රීයත්වය සහ ආචාරධාර්මික ක්‍රමවේදයන් මූලික කරගත් සුවිශේෂී රක්ෂණ ක්‍රමයක් වන ටකාෆුල් රක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පුරෝගාමී වූයේ අමානා ටකාෆුල් රක්ෂණ සමාගමයි. මේ වනවිට එම සමාගම අංග සම්පූර්ණ රක්ෂණ සමාගමක් බවට වර්ධනය වී තිබේ. 1999 වසරේදී පොදු සමාගමක් ලෙස සංස්ථාගත කරන ලද අමානා ටකාෆුල් රක්ෂණ සමාගම, 2006 වසරේ සිට කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී සිටී. මේ වනවිට දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගමේ ශාඛා 35 කට වැඩි සංඛ්‍යාවක් පිහිටුවා ඇත. ISO 9001 සහතිකකරණය හිමි එම සමාගම, 2005 වසරේ මාලදිවයිනෙහිද ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර, පසුකාලීනව වෙනම සමාගමක් ලෙස සංස්ථාගත වී 2011 වසරේදී මාලදිවයිනේ කොටස් වෙළඳපොළේ ලියාපදිංචි විය. අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් සමාගම සියලුම ආකාරයේ ජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්ෂණ විසඳුම් මෙන්ම, ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂයෙන් සැලසුම් කළ සෞඛ්‍ය රක්ෂණ එකතුවක්ද පිරිනමයි.

 

ඡායාරූපය (වමේ සිට): අමානා ටකාෆුල් ජීවිත රක්ෂණ සමාගමේ නියෝජ්‍ය සභාපති ෂර්හාන් මුශීන්, එම සමාගමේ සභාපති ඔස්මාන් කාසිම්, ප්‍රධාන විධායක නිලධාරී ගෙහාන් රාජපක්ෂ, ජාතික බෙදාහැරීම් ප්‍රධානී අසීෆ් රහීම්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විකිණුම්) නිමල් ප්‍රියන්ත, ඒ. එච්. ඒ. ඉෆ්හාම් (‘Champion of Champions’ – ජීවිත රක්ෂණ අංශය), එම්. එම්. කේ. මුනීෆ් (‘Champion of Champions’ – සාමාන්‍ය රක්ෂණ අංශය), අමානා ටකාෆුල් සාමාන්‍ය රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂෙහාන් ෆෙයිසාල්, එම සමාගමේ සභාපති සුල්ෆිකාර් ගවුස්, කළමනාකාර අධ්‍යක්ෂ හසන් කාසිම්, ප්‍රධාන විකුණුම් නිලධාරී සුරේෂ් බස්නායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා විකිණුම් බෙදාහැරීම්) සකීර් කනක, සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (විකුණුම් – මෙට්‍රොපොලිටන්) නෞෂාඩ් කාසිම් යන මහත්වරුන්

 

පිටපත – PR

Post Views: 3
Previous Post

මාධ්‍ය ආයතන වගකීමෙන් යුතුව කටයුතු නොකිරීම රටට විශාල ගැටලුවක් – අමාත්‍ය මනුෂ

Next Post

Uber ජාත්‍යන්තර සමාජිකත්ව වැඩසටහන ‘Uber One’ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි.

editor

editor

Next Post

Uber ජාත්‍යන්තර සමාජිකත්ව වැඩසටහන ‘Uber One’ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved