• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දැනට පවතින සේවක අර්ථසාධක අරමුදල්වලට අත නොතබන බවට මහ බැංකු අධිපතිගෙන් සහතිකයක්

29 June 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී දැනට පවතින සේවක අර්ථසාධක අරමුදල්වලට අත නොතබන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී අද (29) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

දේශීය ණය ප්‍රශස්තකරණයේ දී දැනටමත් 50%කට වැඩි බදු මගින් භාණ්ඩාගාරයට සහ ආර්ථිකයට දායක වන බැංකු පද්ධතිය මත තවදුරටත් බරක් පටවන්නේ නැති බවත් මිලියන 57ක් වන මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු තැන්පතු ආරක්ෂා කරන බවට සහතික වන බව හෙතෙම අවධාරණය කළේය.

රටේ බැංකු ක්ෂේත්‍රයේ බිඳවැටීමක් සිදුවුවහොත් ව්‍යසනකාරී ප්‍රතිවිපාක ගෙන දෙන බැවින් බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වන අතර ජූනි මස 30 වන සිකුරාදා බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබෙන තුරු සම්ප්‍රේක්ෂණය වැළැක්වීම සඳහා බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

එසේම දැනට පවතින සේවක අර්ථසාධක අරමුදල්වලට අත නොතබන බවට සහතික වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සේවක අර්ථසාධක අරමුදල සඳහා අවම වශයෙන් 9%ක පොලියක් සහතික කරන බවද පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා “ රජයේ සම්පූර්ණ දේශීය ණය තිරසාර මට්ටමට ගෙන ඒමට නම් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ ආකාරයට දැනට තිබෙන නිර්ණායක වසර 10ක කාලයක් තුළ යම්කිසි ආකාරයක ස්ථාවර මට්ටමකට ගෙන ආ යුතුව තිබෙනවා. උදාහරණයක් ලෙස 2022 අවසානය වන විට රාජ්‍ය ණය දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 128%ක් වුණා. නමුත් එය 2032 වන විට 95%කට වඩා අඩු මට්ටමකට ගෙන ආ යුතුව තිබෙනවා. එය තමයි පළවැනි නිර්ණායකය. දෙවනි නිර්ණායකය වන්නේ රජයේ සම්පූර්ණ මුල්‍යකරණ අවශ්‍යතාවය වාර්ෂිකව රජය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැනට පවතින 34.6% ක ප්‍රමාණය 2027- 2032 වසර 05ක කාලය තුළ සාමාන්‍යයෙන් 13% හෝ ඊට පහළ මට්ටමකට ගෙන ඒමයි. තෙවන නිර්ණායකය වන්නේ විදේශ ණය සේවාකරණයයි. එය දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.4 % ක් ලෙස පවතිනවා. එය 2027- 2032 කාලය තුළ 4.5%ක මට්ටමට ගෙන ආ යුතුයි. මෙම ඉලක්ක ළඟා කර ගතහොත් බාහිර මූල්‍ය පරතරය (external financing gap) පිරවීමට ලැබෙන සහනය, අමෙරිකානු ඩොලර් බිලියන 16.9 කින් අඩු වෙනවා. මේ ඉලක්ක තුන ළඟා කර ගැනීමේදී සිදුකළ යුතු තවත් කාරණා තුනක් තිබෙනවා. පළමුවැන්න නිල ද්වීපාර්ශවීය ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීම. ඒ පිළිබඳ සාකච්ඡා මේ වන විට සිදුකරගෙන යනවා. දෙවැන්න වාණිජ වශයෙන් ස්වෛරී බැඳුම්කර මඟින් ගත් මුදල්. ඒ පිළිබඳවත් සාකච්ඡා සිදුවෙනවා. තුන්වැනි කාරණය වශයෙන් දේශීය ණය යම්කිසි ආකාරයකට ප්‍රශස්තකරණය සිදුකිරීම. ඒ අනුව දේශීය ණය ප්‍රශස්තකරණය මෙම ක්‍රියාවලියේ එක් පියවරක් වනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී බලාපොරොත්තු වන්නේ රජයේ දළ මුල්‍ය අවශ්‍යතාවය (Gross Financial need) සඳහා ඉදිරි කාලය තුළ රජයට දළ වශයෙන් ගන්න තිබෙන ණය බර අඩු කිරීම. ඒ සඳහා ඉදිරිපත් කළ යෝජනාව ක්‍රියාත්මක කළහොත් එය 12.7 දක්වා අඩු වෙනවා. එය 13න් පහළ තිබිය යුතුයි. ඒ අනුව එය හරියට ක්‍රියාත්මක කළහොත් දශම තුනක පරතරයකුත් තිබෙනවා. හරියට මෙය ක්‍රියාත්මක කළ හොත් දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය ණය 90%ටත් පහළට එනවා. දැනට භාණ්ඩාගාර බිල්පත් ට්‍රිලියන 4.1ක් තිබෙනවා. එයින් 62.4%ක්ම තිබෙන්නේ මහ බැංකුව සතුවයි. අප දන්නා පරිදි කලින්ම භාණ්ඩාගාර බිල්පත් දීර්ඝකාලීන භාණ්ඩාගාර බැඳුම්කර බවට පත් කිරීමට එකඟ වී තිබුණා. එයත් ප්‍රමාණවත් නොවන නිසා ඉතිරි ප්‍රමාණය ලබාගැනීම සඳහා අප භාණ්ඩාගාර බැඳුම්කර වෙත අවධානය යොමු කළා. දැනට තිබෙන ආකාරයට ට්‍රිලියන 8.7ක භාණ්ඩාගාර බැඳුම්කර තිබෙනවා. එයින් 36.5%ක් තිබෙන්නේ (superannuation fund) වල. 36%ක් පමණ බැංකුවල තිබෙනවා. ඊට අමතරව අනෙකුත් කොටස රක්ෂණ හා පුද්ගලික අය සතුව තිබෙනවා. මෙහිදී මහ බැංකුව ලෙස අප බලන්නේ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය රැකගැනීමටත්, EPF වෙනුවෙන් ලබාදිය හැකි හොඳම විසඳුම මොකක්ද කියලයි. සේවක අර්ථ සාධක අරමුදලේ භාරකරු විදියට ඉන්නේ මහබැංකුව. ඒ අනුව තමයි මහබැංකුව මීට සහභාගි වෙන්නේ. විශේෂයෙන් ජනතාවගේ තැන්පත් මුදල් ආරක්ෂා කර ගැනීමත් අනෙක් පැත්තෙන් ඊ පී එෆ් වගේ මහජන අරමුදල් වලට හානියක් නොවන ලෙස ආරක්ෂා කරගැනීමටත් තමයි අපි සාකච්ඡා වලට සම්බන්ධවී මේ යෝජනාවලට එකඟ වී තිබෙන්නේ. ඒ යෝජනාව අනුව සැලකීමේදී බැංකු පද්ධතියෙන් රජයේ ණයබර අඩු කිරීමට දැනටමත් විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. උදාහරණයක් ලෙස බැංකුවලින් දැනට ගෙවන බදු ප්‍රමාණය 50% ටත් වැඩියි. සමාගම් බදු 30%යි, වැට් සහ මූල්‍ය සේවා 18%යි, සමාජ ආරක්ෂණ දායකත්වය 2.5%යි වශයෙන් එය පෙන්වා දිය හැකියි. මේ අනුව දැනටමත් බැංකු ලබන ආදායමෙන් 50%කටත් වැඩි ප්‍රමාණයක් බදු වශයෙන් ගෙවමින් රජයට දායකත්වය ලබා දෙනවා. ඊට සාපේක්ෂව බැලුවොත් (superannuation fund) මගින් බදු ලෙස අයකරන්නේ 14% යි. එය අඩු බදු අනුපාතයක්. ඒ අනුවම බැලුවම පළවෙනි කාරණය සඳහා බැංකු පද්ධතිය දැනටමත් දායකත්වයක් ලබා දෙනවා. දෙවනි කාරණය බැංකු පද්ධතිය පසුගිය කාලය තුළ රටේ ආර්ථිකයේ සිදු වූ ණය ගෙවීමේ අපහසුතා සහ ලබා දුන් සහන කාල සීමා අනුව දැනටමත් ණය නොගෙවීම නිසා සිදු වූ පාඩු ට්‍රිලියන එකකට ආසන්න වෙලා තියෙනවා. ඊට අමතරව පසුගිය කාලයේ ට්‍රිලියන 1.6ක් වගේ වටිනාකමින් යුත් සහන කාල සීමා ලබා දී තිබෙනවා. ඒ අනුව බැංකු පද්ධතිය මේ තුළිනුත් දැනටමත් ආර්ථිකයට යම්කිසි දායකත්වයක් ලබා දී තිබෙනවා. ඒ නිසා බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සහ තැන්පත්කරුවන් ගේ මුදල්වලට හානියක් නොවී ආරක්ෂා කිරීම ප්‍රධාන වගකීමක්. ඒ නිසා තමයි අප ‍යෝජනා කළේ බැංකු පද්ධතියට තව දුරටත් බරක් පැටවීම සාධාරණ වෙන්නේ නැහැ කියලා. මොකද ඔවුන් බදුවලින් ආර්ථිකයටත් භාණ්ඩාගාරයටත් විශාල දායකත්වයක් සපයා දී තිබෙනවා. බැංකු පද්ධතිය තුළින් තැන්පත්කරුවන්ගේ තිබෙන තැන්පත් ප්‍රමාණය මිලියන 57ක්. රටේ ජනතාව මිලියන 20ක් වුණාට බැංකුවල ගිණුම් මිලියන 57ක් තිබෙනවා. ඒ මුදල්වලට යම්කිසි දෙයක් වුණොත් බැංකු පද්ධතියට වෙන හානිය ඉතා විශාලයි. මහබැංකුව වශයෙන් අපේ ප්‍රධානම අරමුණ බැංකු පද්ධතිය සහ මුදල් ආරක්ෂා කිරීමයි. ඔබ දැක්කා පසුගිය කාලයේ විශාල කටකතාවක් තිබුණා බැංකු කඩා වැටෙනවා. තැන්පත් නැති වෙනවා. බොහෝ දෙනෙක් ඇහුවා තැන්පත් එළියට ගන්නද කියලා. බැංකුවල තැන්පත් ඉවත් කරන්න ගත්තොත් ආර්ථිකයම කඩා වැටෙනවා. ඒ නිසා පළවෙනිම උත්සාහය බැංකු පද්ධතියට හානියක් නොවී ගිණුම් මිලියන 57ක තියෙන තැන්පත්රුවන්ගේ මුදල් ආරක්ෂා කර ගැනීමයි. ඒක තමයි තිබෙන ලොකුම සමාජ බලපෑම. ඒ නිසා බැංකුවලට අත තියන්නේ නෑ. ඊළඟට විශ්‍රාමික අරමුදල් (superannuation fund) ගත්තොත් බැංකුවලට සාපේක්ෂව අඩුවෙන් බදු ගෙවන 14%ක බදුවලට යටත් වූ ඊ පී එෆ් , ඊ ටී එෆ් ඇතුලු බොහෝ දේ තිබෙනවා. මේ සියලු දෙනාගේ තිබෙන භාණ්ඩාගාර බැඳුම්කරවලින් යෝජනා කර තිබෙන්නේ තිබෙන සියළු බැඳුම්කර නැවත රජයට අරගෙන අලුතින් බැඳුම්කර නිකුත් කරනවා. ඒවාට 2025 වෙනකම්ම 12%ක පොලියක් ලැබෙනවා. එතනින් ඉදිරියට 9%ක පොලියක් ලැබෙනවා. අනෙකුත් වැදගත් කාරණය තමයි තමන්ගේ ඊ පී එෆ් හී තිබෙන මුදල අඩු නොවීම . ඉදිරියේදී ලැබෙන්න තිබෙන ප්‍රතිලාභය ලෙස 9% ක පොලියක් රජය විසින් සහතික කරනවා. රජය පැත්තෙන් සහතික වී තිබෙනවා යම්කිසි ආකාරයකින් අඩු වීමක් සිදුවෙනවා නම් භාණ්ඩාගාරය පැත්තෙන් ඒ අඩුව පුරවන බවට. මේ භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුවට සහභාගි නොවන අයට තෝරා ගැනීමක් තිබෙනවා. ඒ තමයි 14% වෙනුවට සාමාන්‍ය අය ගෙවන ආකාරයට 30% බද්දක් ගෙවිය ගෙවීම. මේ අනුව සති කීපයක් ඇතුළත බැඳුම්කර හුවමාරු සිදුකර ජූලි මාසය ඇතුළත මේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවා යැයි මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ඒ.කේ සෙනෙවිරත්න යන මහත්වරුන් ද සහභාගී වූ මෙම මාධ්‍ය සාකච්ඡාවට මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ නියෝජිතයන් එක්ව සිටියහ.

 

 

 

Post Views: 5
Previous Post

මැතිවරණ කොමිසමට සහ මානව හිමිකම් කොමිසමට සාමාජිකයන් පත් කෙරේ

Next Post

රනිල් තක්කඩි වැඩක් කරන බව ජවිපේ ටිල්වින් කියයි

editor

editor

Next Post

රනිල් තක්කඩි වැඩක් කරන බව ජවිපේ ටිල්වින් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
කොළඹ පුරපති පුටුව කාටද?

නගරාදිපති සමගි ජන බලවේගයෙන්.. ?

8 May 2025

Recent News

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
කොළඹ පුරපති පුටුව කාටද?

නගරාදිපති සමගි ජන බලවේගයෙන්.. ?

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved