• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලාංකික දෘශ්‍ය කලාවේ විශිෂ්ටත්වය කරළියට ගෙන ආ ‘කලා පොළ 2024’

19 April 2024
in පුවත්, විලාසිතා, වෙනත්
ශ්‍රී ලාංකික දෘශ්‍ය කලාවේ විශිෂ්ටත්වය කරළියට ගෙන ආ ‘කලා පොළ 2024’

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන ‘කලා පොළ’ – 2024 වැඩසටහනේ 31 වන අදියර පසුගියදා කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේදී පැවැත්විණි.

මෙයට කලාකරුවන් වෙතින් මෙන්ම නරඹන්නන් වෙතින් උණුසුම් ප්‍රතිචාර හිමි වූ අතර, එහි අලෙවියේ සමස්ත වටිනාකම රු, මිලියන 51 ඉක්මවී ය (මෙම අගයට නව නිර්මාණ සඳහා ලබාදෙන ලද ඇණවුම්වල වටිනාකම ඇතුළත් නැත).

ශ්‍රී ලංකාවේ විශාලතම මෙන්ම දීර්ඝතම කාලයක් පැවැත්වුණු එළිමහන් කලා ප්‍රදර්ශනය ලෙස සැලකෙන කලා පොළ ප්‍රදර්ශනයට වසර 31 ක ඉතිහාසයක් ඇත.

මෙය ශ්‍රී ලංකාවේ චිත්‍ර හා මූර්ති ශිල්පීන්ට ගැනුම්කරුවන් මෙන්ම ක්ෂේත්‍රයේ වෙනත් වෘත්තිකයන් හා කලාකරුවන් සමග සම්බන්ධ වීමට ලැබෙන අගනා අවස්ථාවකි. ජෝර්ජ් කීට් පදනම සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය අතර පවතින දීර්ඝකාලීන හවුල්කාරීත්වයක ප්‍රතිඵලයක් වන කලා පොළ ප්‍රදර්ශනයට මෙවර චිත්‍ර හා මූර්ති ශිල්පීන් 368 දෙනෙක් සහ නරඹන්නන් 38,000 කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙහි නිල උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහභාගී වූ අතර, ඊට අමතරව ජෝර්ජ් කීට් පදනමේ සභාපති මාලක තල්වත්ත මහතා, එම පදනමේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයන්, ජෝන් කීල්ස් පදනමේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සහ එම සමූහයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක්ද ඊට එක්වූහ.

කලා පොළ වැඩසටහනට සමගාමීව ජෝන් කීල්ස් පදනමේ සත්කාරකත්වයෙන් පවත්වාගෙන යනු ලබන https://www.srilankanartgallery.com වෙබ් අඩවිය තුළ වසර පුරාම තම නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට කලා ශිල්පීන්ට අවස්ථාව හිමි වේ.

Post Views: 5,006
Previous Post

තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව ගොඩනඟනවා – ජනපති

Next Post

ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා – රාජ්‍ය අමාත්‍ය සිසිර

editor ttvnews

editor ttvnews

Next Post
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා – රාජ්‍ය අමාත්‍ය සිසිර

ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා - රාජ්‍ය අමාත්‍ය සිසිර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved