27 April 2024
#දේශීය

ආණ්ඩුවක් විදියට පාසල් විවෘත කළ යුතු ස්ථාවරයේ අපි ඉන්නවා – ඇමැති නාමල්

රජය සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර පාසල් විවෘත කරන්න අවශ්‍යයි කියන ස්ථාවරයේ අප සිටින බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ විසින් අද (15) දින සංවිධානය කළ ‘‘රටට ණය නැති වැඩ කරන පරපුරක්‘‘ වෘත්තීය මාර්ගෝපදේශ සතිය නිමිත්තෙන් පැවති තරගාවලියේ ජය සංකේත ප්‍රදානයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබා දෙමින් මේ බව පැවසීය.

අමාත්‍යවරයා මෙසේ පිලිතුරු ලබා දුන්නේය “රජය සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර පාසල් විවෘත කරන්න අවශ්‍යයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. වසර දෙකකට ආසන්න කාලයක් පාසල් වසා තිබුණා. තරුණ අමාත්‍යාංශය විදියට අපි යෞවන සමාජ ව්‍යාපාරයත්, තරුණ සේවා සභාවත්, යොවුන් සේනාංකයත් හරහා ගුරුවරුවරුන්ට, දෙමාපියන්ට, ගම්වල අයට පාසල් ශුද්ධ පවිත්‍ර කරන්න අපේ පැත්තෙන් දායකත්වය ලබාදෙනවා. යෞවන සමාජ ව්‍යාපාරයත් සමග එකතු වී ශ්‍රමදාන මගින් පාසල් ශුද්ධ පවිත්‍ර කරන්නැ‘යි මේ වන විටත් අපි තරුණ සේවා සභාවට උපදෙස් ලබා දී තිබෙනවා. රටක් විදියට අපි සියලුදෙනා ම එකතුවී පාසල් විවෘත වනතුරු බලාසිටිනවා. අවුරුදු එක හමාරක්, දෙකක් දරුවෝ පාසල් ගියේ නැහැ. අවුරුදු දෙකක් පමණ දරුවෝ පාසල් ගියේ නැහැ කියන්නේ ඔවුන් අවුරුදු කීයක් තමන්ගේ ජීවිතේ ආපස්සට යනවාද කියන කාරණය මේ රටේ ජනතාවට අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නැහැ. ආණ්ඩුවක් විදියට අපි පැහැදිලිව ම පාසල් විවෘත කළ යුතුයි යන ස්ථාවරයේ ඉන්නවා.‘‘ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *