අස්වැසුම සුබසාධන ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ සහ ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය වඩාත් විධිමත්, වේගවත් සහ නිවැරදි ලෙස සිදු කිරීමට රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේදී පවත්වා ඇති අතර එහිදී ප්‍රතිලාභීන් තෝරාගැනීමේ ක්‍රමවේදය තුළ පවතින නිර්ණායක සංශෝධනය කළ හැකි ආකාරය පිළිබඳව මූලික අවධානය යොමු වී ඇත. මෙම ක්‍රියාවලියේ නිරවද්‍යතාව තහවුරු කිරීම සඳහා ඩිජිටල්කරණය යොදා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
මීට අමතරව, අස්වැසුම ක්‍රියාවලියට ග්‍රාම නිලධාරීන් සක්‍රිය ලෙස සම්බන්ධ කර ගැනීම, අදාළ ආයතනවල පවතින පුරප්පාඩු පිරවීම සහ ගෙවීම් ක්‍රමවේදයන්හි පවතින ගැටලු නිරාකරණය කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇත. අමාත්‍යවරුන් වන උපාලි පන්නිලගේ, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් මෙම සාකච්ඡා පවත්වා තිබේ.















