අවිස්සාවේල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ‘ගෝඩා’ ලීටර් 1046ක් (බැරල් 6ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැප්තැම්බර් 12 වන දින අවිස්සාවේල්ල පොලිස් වසමේ තුංමෝදර ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30ක් වන පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු අවිස්සාවේල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.












