බහරේන ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෙකු වන අහමඩ් මීර්සා මූසා (Ahmed Mirza Musa) ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු සමාජ මාධ්‍ය ජාලාවල නීති විරෝධී අන්තර්ගතයන් ප්‍රසිද්ධ කිරීමේ චෝදනාව මත එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහජන මතය නොමඟ යැවීම සහ නීතිය උල්ලංඝනය වන අයුරින් අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව බහරේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය. දූෂණ මර්දන සහ විද්‍යුත් ආරක්ෂණ ඒකකය මගින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව මෙම පිරිස හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස “ඉරාන ආක්‍රමණයේ බලපෑම්” පිළිබඳ වීඩියෝ දර්ශන පටිගත කර ප්‍රසිද්ධ කිරීම මෙන්ම සතුරු ක්‍රියාවන් අගය කරමින් සහ ඒවාට අනුකම්පාව දක්වමින් අන්තර්ජාලයට අදහස් එක්කර ඇති බව බලධාරීන් පෙන්වා දෙයි. වත්මන් මැදපෙරදිග දේශපාලන අර්බුදය හමුවේ රාජ්‍ය විරෝධී හෝ සතුරු පාර්ශවයන්ට හිතවාදී අදහස් පළ කිරීම සම්බන්ධයෙන් බහරේනය දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටී. අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට වැඩිදුර විමර්ශන සඳහා රජයේ අභිචෝදකයා (Public Prosecution) වෙත යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.















