පිළියන්දල පිහිටි සිය නිවසේ තිබී ටී-56 මැගසින්, ජීව අත්බෝම්බයක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි මහතාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසය අවසර ලබාගෙන තිබේ. ඊයේ (16) පෙරවරුවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඔහුගේ නිවසේ තිබී ටී-56 උණ්ඩ 221ක්, 84S වර්ගයේ උණ්ඩ 31ක් සහ තවත් ජීව උණ්ඩ රැසක් සොයාගත් අතර, සොයාගත් අත්බෝම්බය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන තිබුණි. නිවසේ තිබී හමුවූ පිස්තෝල දෙකක් සහ බෝර වර්ගයේ තුවක්කු දෙකක් මන්ත්‍රීවරයාට සහ විදෙස්ගතව සිටින ඔහුගේ බිරිඳට අයත් නිත්‍යානුකූල ගිනිඅවි බවට හඳුනාගෙන ඇතත්, අනවසරයෙන් ජීව උණ්ඩ සහ පුපුරන ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකය. ඒ අනුව හිටපු මන්ත්‍රීවරයා හෙට (18) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














