ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් සහ මස් ආශ්‍රිත නිෂ්පාදන සමාගම වන බයිරහා ෆාම්ස් පී එල් සී (Bairaha Farms PLC), සිය ව්‍යාපාරික මෙහෙයුම්හි සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් හරිතාගාර වායු විමෝචනය (Greenhouse Gas – GHG) නිවැරදිව මැන බැලීම සඳහා වන ජාත්‍යන්තර තත්ත්ව සහතිකය හිමිකර ගැනීමට සමත් විය. ISO 14064 ජාත්‍යන්තර ප්‍රමිතීන් යටතේ ලබාගත හැකි ඉහළම මට්ටමේ මෙම සහතිකය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදන සමාගම බවට පත්වීමට බයිරහා ෆාම්ස් ආයතනයට හැකිව තිබේ.
මෙම සහතිකය ලබා ගැනීම තුළින් සිය මෙහෙයුම්වලදී පරිසරයට මුදා හරිනු ලබන කාබන් ප්‍රමාණය පිළිබඳ වාර්තා ඉතා නිවැරදි, විනිවිදභාවයෙන් යුත් සහ විශ්වාසදායී බව බයිරහා ෆාම්ස් තහවුරු කර ඇති අතර, එය මෙරට කුකුළු මස් නිෂ්පාදන ක්ෂේත්‍රයේ පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් එම ආයතනය ගන්නා ප්‍රමුඛ පියවරකි. බයිරහා ෆාම්ස් හි හරිතාගාර වායු ප්‍රකාශනය ISO 14064-1:2018 ප්‍රමිතීන්ට අනුකූලව සකස් කර ඇති අතර, මෙම දත්ත ISO 14064-3:2019 ප්‍රමිතියට අනුව ස්වාධීන පරීක්ෂකයින් මඟින් නිසි පරීක්ෂාවට ලක් කර තහවුරු කර ඇත.
පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා දේශගුණික අරමුදල මඟින් මෙම සහතිකය නිකුත් කර ඇති අතර, පරිසර අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම සුවිශේෂී තත්ත්වය ළඟා කරගත් එකම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන්නේ ද බයිරහා ෆාම්ස් ය. මෙම සහතිකය ප්‍රදානය කිරීම 2026 වසර මුල් භාගයේදී පරිසර අමාත්‍යාංශ ලේකම් සහ ශ්‍රී ලංකා දේශගුණික අරමුදලේ සභාපති කේ. ආර්. උඩුවාවල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් බයිරහා ෆාම්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ යාකුත් නලීම් මහතා සඳහන් කළේ, සිය වසර 50ක මෙහෙයුම් ඉතිහාසය තුළ පරිසර හිතකාමී සහ තිරසාර පදනමක් මත ගමන් කිරීමට සමාගම දක්වන කැපවීම මෙම සහතිකය මඟින් මනාව තහවුරු වන බවයි. ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ පරිසරයට අවම හානියක් කරන නිෂ්පාදන ක්‍රියාවලීන් සහිත සමාගම් සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම හමුවේ, මෙම සහතිකය බයිරහා ෆාම්ස් ආයතනය ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ නියාමන ආයතන සඳහා විශ්වාසදායී හවුල්කරුවකු බවට පත් කර තිබේ.
මෙමගින් ආයතනික ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නංවා ගැනීමටත්, වඩාත් වගකිවයුතු ව්‍යාපාරික වර්ධනයක් කරා ගමන් කිරීමටත් බයිරහා ෆාම්ස් පී එල් සී ආයතනයට හැකියාව ලැබෙනු ඇත.














