හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මඩම්පැල්ල ප්‍රදේශයේදී මෝටර් රථයක් විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා මතු වී තිබෙනවා.
අනතුරින් විදුලි කණුවක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති අතර, වාහන ගමනාගමනය මන්දගාමී වී ඇති බවයි වාර්තා වන්නේ. අනතුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදුවන අතර, රියදුරන්ට එම ප්‍රදේශයේ ගමන් කිරීමේදී දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස බලධාරීන් දැනුම් දෙනවා.














