පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින් කොටසක් දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි පියවීම සඳහා යොමු කිරීමට සිදුව ඇති බව පවසමින්, ඒ හේතුවෙන් මේ වසරේ මැතිවරණය පැවැත්විය නොහැකි බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය සිය දැඩි විරෝධය පළ කර සිටිනවා. මෙම ප්‍රකාශය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දෙන එම සංවිධානය ඒ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මැතිවරණයක් කල් දැමීම සඳහා මෙවැනි හේතු දැක්වීම රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට බාධාවක් බවත් එය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් කැෆේ සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරනවා.














