කන්තලේ, රජඇළ, යුනිට් 05 ප්‍රදේශයේ නිවසක නවතා තිබූ මෝටර් රථයක් අද (15) අලුයම 5:00 ට පමණ හදිසියේ ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. නිවැසියන් සහ අසල්වැසියන් එක්ව ගින්න නිවීමට දැඩි උත්සාහයක නිරත වුවද, ගින්න සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් රථයට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
මෙම ගින්න කිසියම් පුද්ගලයෙකු විසින් සිදු කළ ද්වේෂසහගත ක්‍රියාවක් ද නැතහොත් රථයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හෝ විදුලි කාන්දුවක් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, විද්‍යාත්මක සාක්ෂි ලබා ගැනීම සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයින්ගේ සහාය ලබා ගැනීමට ද නියමිතය.















