27 April 2024
#ව්‍යාපාර

වෘත්තිය මාර්ගෝපදේශ සඳහා CareerMe ජංගම යෙදුම

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ජංගම යෙදුමක් දියත් කරමින් රට පුරා සිටින සිසුන්ට නොමිලේ වෘත්තිය මාර්ගෝපදේශ ලබා ගැනීම පහසු කරන නව ජංගම යෙදුම පසුගිය (18)ජාතික මානව සම්පත් සංවර්ධන කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන උත්සවයකදී වරාය හා නාවික, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් ආරම්භ කෙරිණි.

Google Play Store ඇති නව ජංගම යෙදුම සහ නැවත සංවර්ධනය කරන ලද තොරතුරු සන්නිවේදන තාක්ෂණ වේදිකාව www.careeme.lk දිවයින පුරා සිටින තරුණ තරුණියන්ට වෘත්තිය මාර්ගෝපදේශනය වැඩි වශයෙන් ලබා ගැනීම සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරයි.

සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි භාෂාවලින් සම්පුර්ණයෙන් ම නොමිලේ ලබා දෙන නව ජංගම යෙදුම ජිවිතේ සාර්ථකත්වය සඳහා දැනුවත් වෘත්තිය හා අධ්‍යාපන තීරණ අපක්ෂපාතිව ගැනීමට සිසුන්ට දැන් අවස්ථාව සලසා තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *