• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දරුවන් ලබා ගන්නා දැනුම කිසිදු ව්‍යසනයකට හෝ පුද්ගලයෙකුට නැතිකළ නොහැක – අමාත්‍ය දිනේෂ්

15 September 2021
in දේශීය

රටක ඇතිවිය හැකි ව්‍යයසනයන් හමුවේ නොසැලෙන එකම දේ දැනුම පමනක් බවත් දරුවන් ලබා ගන්නා දැනුම කිසිදු ව්‍යයසනයකට හෝ පුද්ගලයෙකුට නැතිකළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) ශ්‍රී ලංකාවේ සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසිකව සිටින දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් පුලුල් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 21ක් වටිනා පරිගණක හා අන්තර්ජාල සබඳතා පිරිනැමීමේ උත්සවයට එක්වෙමින්. එය ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති අතර මෙහිදී ළමා සංවර්ධන මධ්‍යස්ථාන 379ක දරුවන් 10632ක් සඳහා පරිගණක ප්‍රදානය සිදු කෙරිණි.

එහිදී අදහස් දැක් වු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා “රටපුරා විසිරී තිබෙන ළමා සංවර්ධන මධ්‍යස්ථාන තුළ සිටින දරුවන් සඳහා ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල දියත් කිරීමේ ක්‍රියාදාමය මෙවර ලෝක ලමා දිනය වෙනුවෙන් සිදුකිරීම පිළිබඳව පියල් නිශාන්ත අමාත්‍යතුමාට මාගේ ස්තූතිය පිරිනමනවා. තොරතුරු තාක්ෂණය පෙරදැරි කර ගනිමින් අධ්‍යාපනය නව මං සොයන වකවානුවනක දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට ව්‍යාපාරික ප්‍රජාවන්ගේ දායකත්වය ලබාගනිමින් මෙම වැඩසටහන් යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් ක්‍රියාවලියකි. එය දරුවන්හට නව නිර්මාණාත්මක ක්‍රියාමාර්ගයකට පිවිසීමට මඟ පෙන්වීමකි. දරුවන් රටක සංතෘෂ්ටිය වේ. දරුවන් දෙමාපියන්ගේ සංතෘෂ්ටිය වේ. එම දරුවන්ගේ සතුට වෙනුවෙන්, අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියාත්මක තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් බවට මෙය හැදින්විය හැක. රටක ඇතිවිය හැකි ව්‍යයසනයන් හමුවේ නොසැලෙන එකම දේ දැනුම පමණි. දරුවන් ලබා ගන්නා දැනුම කිසිදු ව්‍යයසනයකට හෝ පුද්ගලයෙකුට නැතිකළ නොහැක. එබැවින් දරුවන්ගේ දැනුම වර්ධනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය බැඳී සිටී. එය අතිගරු ජනාධිපතිතුමාගේ‍ සෞභාග්‍ය දැක්මෙහිද සුවිශේෂී වැඩසටහනකි. මෙම මධ්‍යස්ථානයන්හිදි දරුවනට තිබෙන අභියෝග සාමාන්‍ය පාසලක දරුවනට වඩා වැඩිය. තාක්ෂණය ඔස්සේ ලෝකය වෙනස් වෙමින් පවතින කාලයක ලොව වෙනස් වන්නේ කුමන දිශාවකටද යන්න සහ නව ලොවත් සමඟ දරුවන්ට ගමන් කිරීමේ පහසුකම ඇති කිරීම සඳහා දියත් කරන මෙම වැඩසටහන මා හැඟි කර්තව්‍යයකි.”

තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මහත්වරුන්ද සභාව ඇමතූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි ජයසේකර යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගි විය.

 

Post Views: 8
Previous Post

මන්නරාම වෙරළ තීරයේ තිබි කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

Next Post

ස්පුට්නික්- v දෙවන එන්නත් මාත්‍රාව ලබන සඳුදා මෙරටට -සෞඛ්‍ය ඇමැති

editor

editor

Next Post

ස්පුට්නික්- v දෙවන එන්නත් මාත්‍රාව ලබන සඳුදා මෙරටට -සෞඛ්‍ය ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved