27 April 2024
#විදෙස්

චීන අවුරුදු නිවාඩුව අවසන් – ජන ජීවිතය කෙමෙන් යථා තත්ත්වයට

කොරෝනා වෛරසයෙන් උද්ගත වූ තත්ත්වය හමුවේ අඩාල වූ චීනයේ ජන ජීවිතය යලි යථාතත්ත්වයට පත්වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය රැසක් අද වාර්තාකර තිබේ. වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් දීර්ඝ කරනු ලැබූ නව අවුරුදු නිවාඩුව අවසන්වීමත් සමඟ චීන ජනතාව නැවත සිය රාජකාරී කටයුතු සදහා පැමිණෙමින් සිටින බව එම වාර්තා සදහන් කර තිබේ..

කොරෝනා වෛරසය හේතුවෙන් වසා දැමූ නගර හැර අනෙකුත් නගර සියල්ලේම දෛනික කටයුතු අද දිනයේ ආරම්භ කර ඇති අතර වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සදහා පැනවූ ඇතැම් නීති ලිහිල් කරීමටද බලධාරීන් කටයුතුකර ඇත.

කෙසේ වෙතත් ලොව ප්‍රමුඛතම සමාගම් රැසක් චීනයේ තම සේවා ස්ථාන වසා දමා ඇති අතර සිය නිවෙස්වල සිට සේවා කටයුතුවල නිරත වන්නැයි ඇතැම් ආයතන සේවකයින්ට දැනුම් දී තිබේ. පවතින තත්ත්වය හමුවේ සේවයේ නිරත විය යුතු කාල සීමාව අඩු කිරීමට ද ඇතැම් ආයතන පියවර ගෙන ඇත.

මේ අතර නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදුකරන පර්යේෂණවලට සහය පළ කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් පිරිසක් අද බීජිං නුවරට පැමිණ තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *