27 April 2024
#දේශීය

තරුණ පාර්ලිමේන්තු මැතිවරණය ලබන 22 දාට කල් යයි

පෙබරවාරි 14 වනදා පැවැත්වීමට නියමිතව තිබු ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ මැතිවරණය ලබන 22වන දිනට කල් දැමීමට සිදුව ඇති බව තරුණ කටයුතු අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය විසින් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට කරන ලද ඉල්ලීමට අනුව මෙම මැතිවරණ කල් දැමීම සිදුව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ජාතික තරුණ සේවා සභාව පැවසුවේ ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුව සඳහා නාමයෝජනා භාරගැනීම හෙට (11) සහ අනිද්දා (12)සිදුකරන බවයි.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල එම නාම යෝජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරෙන අතර 011 2 842 774 යන දුරකතන අංකය ඔස්සේ ඒ පිළිබඳ විමසීම සිදුකළ හැකි වේ.

මෙම මැතිවරණ කටයුතු තරුණ කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය එක්ව සංවිධානය කරනු ඇත.

 

 

දිලිනි සමන්මලි 

 

පෙර පුවත් 

 

වැලන්ටයින් දවසේ ඡන්දයක් – රාජ්‍ය අමාත්‍ය දුමින්ද

Leave a comment

Your email address will not be published. Required fields are marked *