මැයි මස 01 වැනිදාට යෙදෙන දින පහක කම්කරු දින නිවාඩු කාලය තුළ චීන සංචාරකයින් විදේශ සංචාර වෙනුවට දේශීය සංචාර සඳහා වැඩි කැමැත්තක් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉරාන යුද්ධය හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් ගාස්තු ඉහළ ගොස් විදේශ ගුවන් ගමන් වාර රැසක් අවලංගු වීම මීට ප්‍රධාන හේතුව වී තිබේ. ආර්ථික මන්දගාමීත්වය සහ වැටුප් වර්ධනය අඩාල වීම හමුවේ වියදම් අවම කර ගැනීම සඳහා චීන වැසියන් මෑත වසරවලදී මෙන්ම මෙවරත් රට තුළ සිදුකරන මාර්ග සංචාර (road trips) සහ ස්වාධීන චාරිකා කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන බව සංචාරක නියෝජිත ආයතන පෙන්වා දෙයි. දේශීය සංචාරක ව්‍යාපාරය සහ පාරිභෝගික වියදම් දිරිමත් කිරීම සඳහා චීන පළාත් පාලන ආයතන විසින් විවිධ උත්සව සංවිධානය කිරීමට සහ සහන වවුචර ලබා දීමට ද පියවර ගෙන ඇත.














