චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා ලබන සතියේදී උතුරු කොරියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලබන සඳුදා සිට ආරම්භ වන මෙම දෙදින නිල සංචාරය අතරතුර, ජනාධිපතිවරයා උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
චීනයේ ෂින්හුවා (Xinhua) රාජ්‍ය මාධ්‍ය මෙන්ම උතුරු කොරියාවේ KCNA පුවත් ඒජන්සිය ද මෙම සංචාරය නිල වශයෙන් තහවුරු කර තිබේ. 2019 වසරෙන් පසු ජනාධිපති ෂී ජින්පින්ග් උතුරු කොරියාවේ නිරත වන පළමු සංචාරය මෙය වන අතර, එය මේ වසරේ එතුමන්ගේ ප්‍රථම විදේශ සංචාරය ද වේ.
















