ආර්.ජේ. බාලාජි විසින් අධ්‍යක්ෂණය කරන ලද, ප්‍රවීණ නළු සූර්යා ප්‍රධාන චරිතය නිරූපණය කරන ‘කරුප්පු’ චිත්‍රපටය මේ වන විට ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරමින් ඉන්දීය රුපියල් කෝටි 300ක ආදායම් සීමාව පසු කර තිබේ.
පසුගිය මස 15 වන දින තිරගත කිරීම ආරම්භ කළ මෙම චිත්‍රපටය, ප්‍රේක්ෂක මෙන්ම විචාරක පැසසුමට ද ලක්වෙමින් සාර්ථක ගමනක් යමින් සිටියි. සූර්යා සමඟින් ත්‍රිෂා, ඉන්ද්‍රන්ස්, නට්ටි නටරාජන් සුබ්‍රමනියම්, ස්වසික සහ ශිවතා ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක්ම මෙම සිනමාපටය සඳහා දායක වී ඇත.
ඩ්‍රීම් වොරියර් පික්චර්ස් (Dream Warrior Pictures) විසින් නිෂ්පාදනය කරන ලද ‘කරුප්පු’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සායි අභයන්කර් විසින් සිදු කර තිබේ. සිනමාහල් තුළ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගනිමින් අඛණ්ඩව සාර්ථක දර්ශන වාර පවත්වන මෙම චිත්‍රපටය, සූර්යාගේ සිනමා දිවියේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වී තිබේ.
















