• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home වෙනත්

අලියාන්ස් ලංකා සමාගම වෙතින් රත්නපුර හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයට පිරිසිදු පානීය ජල පහසුකම්

22 June 2023
in වෙනත්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

අලියාන්ස් ලංකා සමාගම පසුගියදා රත්නපුර කුරුවිට හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයට පිරිසිදු පානීය ජල පහසුකම් ලබාදීමට කටයුතු කළේ ය.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට අත්වැලක් වෙමින්, රටේ ජනතාවට පිරිසිදු ජල පහසුකම් ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙය සිදුකරන ලදි. එමෙන්ම මෙය එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක අතර 6 වන ඉලක්කය වන, ‘සැමට පිරිසිදු ජලය හා සනීපාරක්ෂාව’ යන්නටද සමගාමී වේ.

සිසුන් 1,000 කට අධික පිරිසක් ඉගෙනුම ලබන හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයට මීට පෙර පානීය ජලය හා සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු රැසකට මුහුණ දීමට සිදු වී තිබිණි. යහපත් ඉගෙනුම් පරිසරයක් පවත්වාගෙන යාමට පිරිසිදු පානීය ජල පහසුකම් අත්‍යවශ්‍ය වන බැවින් අලියාන්ස් ලංකා සමාගම පාසල් බලධාරීන් සමග එක් වී මෙම නවීන, කාර්යක්ෂම සහ ඉහළ ප්‍රමිතියකින් යුත් පානීය ජල පද්ධතිය ස්ථාපිත කිරීමට කටයුතු කළේ ය.

මෙම පද්ධතියට අඩි 150 ක නළ ළිඳක්, ජලය පිරිසිදු කිරීමේ පහසුකම්, නවීන ජලනල පද්ධතියක් සහ විදුලි බලයෙන් ක්‍රියාකරන ජල පොම්පයක්ද ඇතුළත් වී තිබේ.

2023 මැයි 10 දින මෙම පානීය ජල පද්ධතිය නිල වශයෙන් පාසල වෙත භාරදෙන ලදි. මෙම අවස්ථාවට අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී සහ මෙරට ප්‍රධාන කළමනාකරු ඇලන් ස්මී සහ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී රංග ඩයස් යන මහත්වරුන් ඇතුළුව, අලියාන්ස් ලංකා සමාගමේ කලාපීය විකිණුම් හා කළමනාකරණ කණ්ඩායම් නියෝජනය කරන නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ. මෙම උත්සවයේදී අලියාන්ස් ලංකා නියෝජිතයන්ට ඉතාමත් උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර, එය මෙම ප්‍රජා සත්කාරය මගින් හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ජීවිතවලට කෙතරම් යහපතක් සිදුවන්නේද යන්න සනාථ කරන සාක්ෂියක් විය.

“පිරිසිදු පානීය ජලය යනු, නිරෝගී සමාජයක් බිහිකිරීම සඳහා අවශ්‍ය මූලික සාධකයක් බව අප විශ්වාස කරනවා. රත්නපුර හිග්ගස්වත්ත ප්‍රාථමික විද්‍යාලයට මෙම පානීය ජල පහසුකම් ලබාදීම මගින් අප උත්සාහ කරන්නේ, මෙහි දරුවන්ට සුරක්ෂිත හා තිරසාර පානීය ජල පහසුකම් ලබාදෙමින්, ඔවුන්ට සිය අධ්‍යාපන කටයුතු කෙරෙහි පූර්ණ අවධානය යොමුකිරීමට අවස්ථාව සලසා දීමටයි.” අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී සහ මෙරට ප්‍රධාන කළමනාකරු ඇලන් ස්මී මහතා පැවසී ය.

මෙම ප්‍රජා සත්කාරය, සමාජ වගකීම් වැඩසටහන් ඔස්සේ විවිධ දුෂ්කරතාවන්ගෙන් පෙළෙන ප්‍රජාවන්ට අත්වැලක් වීම සඳහා අලියාන්ස් ලංකා සමාගම දරන උත්සාහයේ තවත් පියවරකි. මෙම වැඩසටහන මෙම වසරේදී අලියාන්ස් ලංකා සමාගම ක්‍රියාවට නැංවූ ප්‍රථම පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිය වන අතර, මෙම වසර තුළ තවත් මෙවැනි ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාවට නැංවීමට සමාගම බලාපොරොත්තු වෙයි.

අලියාන්ස් ලංකා ලෙස පොදුවේ හඳුන්වනු ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Life Insurance Lanka Ltd.), ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනික් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අලියාන්ස් ලංකා සමාගම සතු දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

පිටපත – PR

 

 

Post Views: 9
Previous Post

රටට අලුත් ආරම්භයක් නැත්තේ පාලකයින් මැතිවරණය හිරකරගෙන ඉන්න නිසයි – කේ.ඩී. ලාල්කාන්ත

Next Post

ජපාන විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නැගෙනහිර ආණ්ඩුකාර තොණ්ඩමන් හමුවෙයි 

editor

editor

Next Post

ජපාන විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නැගෙනහිර ආණ්ඩුකාර තොණ්ඩමන් හමුවෙයි 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved