• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගැබ්ගෙල පිළිකා පරීක්ෂා කිරීමට Cobas 4800 HPV DNA පරීක්ෂණ යන්ත්‍රයක් සෞඛ්‍ය අමාත්‍යංශයට

20 April 2021
in දේශීය

කොළඹ රොටරි සමාජය, එහි විදේශීය රොටරි හවුල්කරුවන් සහ රොටරි පදනම විසින් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා පරීක්ෂා කිරීමට Cobas 4800 HPV DNA testing machine පරීක්ෂණ යන්ත්‍රයක් සහ පරීක්ෂණ කට්ටල 10,000 ක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කළේය.

එය නිල වශයෙන් අද දින (20) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ලබා දීම සිදු විය.

 

ගැබ්ගෙල පිළිකා තුරන් කිරීම වෙනුවෙන් ඔවුන් විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සහ රොටරි හි නිර්මාතෘ පෝල් හැරිස් මහතාගේ 153 වන උපන්දිනය සැමරීම වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදුකරන ලදි. මෙම මුළු ව්‍යාපෘතියේ වටිනාකම දළ වශයෙන් රුපියල් මිලියන 100 කි.

ගැබ්ගෙල පිළිකා නිසා සෑම වසරකම 800 ක් පමණ මිය යන අතර, වාර්ෂිකව නව රෝගීන් 1800 කට අධික සංඛ්‍යාවක් වාර්තා වේ. ගැබ්ගෙල පිළිකා වැළැක්විය හැකි අතර කල්තියා හඳුනාගෙන ඵලදායි ලෙස කළමනාකරණය කළ හොත් සුව කළ හැකිය.

 

2030 වන විට මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන ගැටළුවක් වන ගැබ්ගෙල පිළිකාව මුළුමනින්ම තුරන් කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය සඳහා රොටරි සමාජය රජය සමඟ අත්වැල් බැඳගෙන ඇත.

මෙම ව්‍යාපෘතියට අරමුදල් සපයන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ රොටරි පදනමේ ගෝලීය සංසදය, ප්‍රධාන පරිත්‍යාගශීලීන් වන රොටරි ක්ලබ් ඔෆ් බර්මින්හැම් ඇලබාමා (Rotary Club of Birmingham Alabama) සහ තවත් එක්සත් ජනපද රොටරි සමාජ කිහිපයක් විසිනි.

Cobas 4800 HPV DNA testing machine පරීක්ෂණ යන්ත්‍රය අනුරාධපුර ශික්ෂණ රෝහලේ මේ වන විට ස්ථාපිත කර ඇති අතර, ගැබ්ගෙල පිළිකා සඳහා සාම්පල පරීක්‍ෂා කිරීම ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිය හරහා උතුරු, නැගෙනහිර සහ වයඹ පළාත් ආවරණය වන පරිදි ඉදිරි අදියර කරා ළඟාවීමට සැලසුම් කර ඇත.

 

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) සුනිල් ද අල්විස් මහතා, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, ජාතික පිළිකා පාලන වැඩසටහනේ අධ්‍යක්ෂ සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සහභාගි වූ අතර, කොළඹ රොටරි සමාජයේ සභාපති නිති මුරුගේසු, රොටරි දිස්ත්‍රික් ආණ්ඩුකාර අජිත් වීරසිංහ, හිටපු රොටරි ජාත්‍යන්තර සභාපති සහ වත්මන් රොටරි පදනමේ භාරකරු/සභාපති කේ ආර් රවින්ද්‍රන් යන මහත්වරුන් රෝටරි සමාජයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක පුබුදු ද සොයිසා මහත්මිය සහ රොටරි දිස්ත්‍රික් හා රොටරි සමාජයේ සාමාජික සාමාජිකාවන් එක්ව සිටියහ.

Post Views: 15
Previous Post

දිවයිනේ සියලු ම විශ්වවිද්‍යාල 27වනදා ආරම්භ කරනවා – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

Next Post

වතුර ටැංකියට වැටී කුඩා දරුවෙකු මරුට

editor

editor

Next Post

වතුර ටැංකියට වැටී කුඩා දරුවෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved