කොළඹ නගරය වඩාත් පිරිසිදු හා හරිත පරිසරයක් බවට පත් කිරීමේ අරමුණින් “අපි එක්ව කොළඹ පිරිසිදුව තබමු” යන තේමාව යටතේ විශේෂ පිරිසිදු කිරීමේ සහ රුක් රෝපණ ව්‍යාපෘතියක් පසුගියදා කොළඹ ගුඩ් මාර්කට් පරිශ්‍රයේදී පැවැත්විණි.
සමාජවාදී රටවලින් උපාධි ලැබූ ශ්‍රී ලාංකිකයින්ගේ සංගමය, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ රුසියානු භූගෝලීය සංගමයේ මධ්‍යස්ථානය, කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය, කොළඹ මහ නගර සභාව සහ ගුඩ් මාර්කට් ආයතනය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් එස්. ජගාරියන් මහතා ඇතුළු තානාපති කාර්යාල නිලධාරීන් සහ විශාල පිරිසක් සහභාගී වූහ.
වැඩසටහන යටතේ පිරිසිදු කිරීමේ කටයුතු, රුක් රෝපණය සහ ඒ අවට වැව පිරිසිදු කිරීම සිදු කෙරුණු අතර, නගරය පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම ද මෙහි අරමුණක් විය.
















