පවතින බලශක්ති අර්බුදය හමුවේ විදුලිය ඉතිරි කර ගැනීමේ පියවරක් ලෙස කොළඹ නගරයේ වීදි ලාම්පු එකක් හැර එකක් නිවා දැමීමේ (Zig-Zag) ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යාම නිසා මෙරට බලශක්ති පරිභෝජනය 25% කින් සීමා කිරීමට රජය පසුගියදා තීරණය කළේය. ඒ අනුව රාත්‍රී 9.00 න් පසුව වෙළඳ දැන්වීම් පුවරු සහ නියෝන් පුවරු සඳහා ලබාදෙන විදුලිය විසන්ධි කිරීමටත්, අධි ආරක්ෂිත කලාප හැර සෙසු ප්‍රදේශවල මෙලෙස සිග්සැග් ක්‍රමයට හෝ සම්පූර්ණයෙන්ම වීදි ලාම්පු නිවා දැමීමටත් උපදෙස් දී ඇත.
වීදි ලාම්පු මඟින් සිදුවන අධික විදුලි නාස්තිය වැළැක්වීම සඳහා කොළඹ නගරයේ ප්‍රධාන මාර්ගවල මෙන්ම අතුරු මාර්ගවලද මෙම ක්‍රමය අනුගමනය කරන ලෙසත්, පුද්ගලික අංශය ද මෙවැනි බලශක්ති ඉතිරිකිරීමේ මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවටත් රජය ඉල්ලීම් කර තිබේ.














