• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වීසා නැති අයට පොදු සමාවක්

29 July 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නියමිත වීසා නොමැතිව එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් සදහා පොදු සමා කාලයක් අගෝස්තු පළමුවැනිදා සිට ප්‍රකාශයට පත් කර තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව වීසා නීති උල්ලංඝනය කරමින් රැදී සිටින අය සදහා දඩ මුදල් අය කිරීමකින් තොරව නීත්‍යානුකූලභාවයට පත් කිරීමට හෝ විගමනික නීති උල්ලංඝනය කළ පුද්ගලයින් සදහා රටින් පිටවීමට අවස්ථාව ලබා දෙන බව එම කාර්යාංශය ප්‍රකාශ කරයි.

පොදු සමා කාලය තුළදී වීසා නීති උල්ලංඝනය කළ පුද්ගලයින් නැවත ලංකාවට පැමිණීමට හෝ නීත්‍යානුකූල වීසා බලපත්‍ර ලබාගැනීමට කටයුතු කරන්නැයි විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉල්ලා සිටී.

පොදු සමා කාලය තුළදී ලංකාවට පැමිණීමට හෝ නීත්‍යානුකූල විසා බලපත්‍ර ලබාගැනීමට කටයුතු කළ යුතු බව ඇමැතිවරු පවසති.

නීත්‍යානුකූල නොවන ආකාරයට එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටින වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් සහිත ශ්‍රී ලාංකිකයින්ට අදාල එමීර් බලධාරීන් වෙත යොමුවී දඩ මුදල්වලින් නිදහස්ව ආගමන විගමන නිලධාරීන් අය කරන ගාස්තු ගෙවා ලංකාවට පැමිණීමට අවස්ථාව ලැබේ. කල් ඉකුත්වූ ගුවන් ගමන් බලපත්‍රයක් සහිත ශ්‍රී ලාංකිකයින් එම බලපත්‍රය රැගෙන ඩුබායිහි කොන්සල් ජනරාල් කාර්යාලයට පැමිණ නව ගුවන් ගමන් බලපත්‍රයක් සදහා අයදුම් කළ හැකිය. ඉන් පසුව අදාල එමීර්යන්හි බලධාරීන් වෙත යොමුවී තමාගේ දඩ මුදල්වලින් නිදහස්ව ආගමන විගමන නිලධාරීන් අය කරන දඩ මුදල්වලින් නිදහස්ව නාමික ගාස්තුව පමණක් ගෙවා රටින් පිටවීමට අවස්ථාව ලැබේ.

තමන්ගේ විදෙස් ගමන් බලපත්‍රය අස්ථානගත වූ හෝ සොරකම් කරන ලද ලාංකිකයින්ට අදාල එමීරයේ පොලීසියට පැමිණිල්ලක් කර වලංගු විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගත හැකිය.

තවදුරටත් රැදී සිටින ශ්‍රි ලාංකිකයින්ට ඩුබායි ආගමන විගමන කාර්යාලය විසින් නිකුත් කළ මාර්ගෝදේශ අනුව ගාස්තු ගෙවා අමර් මධ්‍යස්ථාන ඔස්සේ වීසා ලබාගත යුතුය. මාස හයකට වඩා වැඩි වලංගු කාලයක් ඇති විදේශ ගමන් බලපත්‍ර හිමි අයට සෘජුවම අමර් මධ්‍යස්ථානවලින් වීසා බලපත්‍ර ලබාගැනීමට හැකියාව තිබේ.

විදේශ ගමන් බලපත්‍ර අයදුම් කරන පුද්ගලයින් සදහා ඩුබායි කොන්සල් ජෙනරාල් කාර්යාලයට අදාල සියලුම ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් කිරීමෙන් විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීමට හැකියාව ලැබේ. ඒ සදහා සිය අනන්‍යතාවය තහවුරු කිරීමට ශ්‍රී ලංකාවෙන් හෝ එමීර් රාජ්‍යයෙන් නිකුත් කළ හැදුනුම්පත රැගෙන ආ යුතුය. විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සදහා වන ගාස්තු මුදලින් පමණක් අය කරනු ලැබේ.

වලංගු විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සදහා ආගමන විගමන ජෙනරාල්වරයා නියම කළ ලිපි ලේඛනවල මුල් පිටපත් රැගෙන ඒම අනිවාර්ය වන අතර එම මුල් පිටපත් දැනට තමන් සතුව නැතිනම් ඒවා ලබාගෙන එවීමට කටයුතු කළ යුතු බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Post Views: 1
Previous Post

රිෂාඩ්ට සම්මානයක්

Next Post

කැම්පස් යන්න බැරි අය වෘත්තිකයින් කරන්න මංගල සුදානම්

editor

editor

Next Post

කැම්පස් යන්න බැරි අය වෘත්තිකයින් කරන්න මංගල සුදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025

Recent News

හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved