27 April 2024
#දේශීය

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල රුපියල් මිලියන 1567 දක්වා ඉහළට

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1567 ඉක්මවා තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ වන විට ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,567,551,476.66 කි.

දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 076 – 0700700 / 011 – 2320880 / 011 – 2354340 / 011 – 2424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

Leave a comment

Your email address will not be published. Required fields are marked *