27 July 2024
#දේශීය

WHO අනුමැතිය ලැබුනු පසු රුසියාවේ කොරෝනා එන්නත ලංකාවටත්

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි මහතා සමග අද (21) පැවති විශේෂ හමුවකට එක්වෙමින්, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවශ්‍ය නිර්දේශ සහ අනුමැතිය ලැබුනු පසු කොවිඩ් මර්දනය සඳහා රුසියාව විසින් නිපදවනු ලැබූ  නව එන්නත ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනයට භාවිතා කරන බවයි.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් බිහිකිරීම සඳහා රුසියානු රජය ශිෂ්‍යත්ව ලබා දෙමින් විශාල මෙහෙයක්, සේවාවක් සිදුකළ බැවින් ඒ සඳහා ශ්‍රී ලංකා රජයේ විශේෂ ස්තූතිය පුදකර සිටින බව මෙහිදී අමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය. 

එමෙන්ම කොවිඩ් 19 වෛරස් රෝගය මර්දනය කිරීමේදී ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග තුළින් එම වෛරස් රෝගය සාර්ථකව මර්දනය කළ හැකි වු බව ද තානාපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිතුදමේ ප්‍රතිලඑලයක් ලෙස මෙරට වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්යය මණ්ඩලවලට වැඩිදුර අධ්‍යාපනය සඳහා රුසියාවේ ශිෂ්‍යත්ව ක්‍රමයක් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ද රුසියානු තානාපති යූරි මතේරි මහතා සඳහන් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *