• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් පාලනයට මිලියන 5.4ක වෛද්‍ය උපකරණ රෝහල් වෙත ප්‍රදානය කරයි

22 June 2021
in දේශීය

කොවිඩ් රෝගයෙන් ශ්වසන අපහසුතා ඇතිවන රෝගීන් වෙත අවශ්‍ය වන ඔක්සිජන් ලබාදීම සදහා රෝහල් වෙත අවශ්‍යවන ඔක්සිජන් හයිෆ්ලෝ යන්ත්‍ර හතරක් කොකා කෝලා ශ්‍රී ලංකා සමාගම විසින් රෝහල් 04කට පරිත්‍යාග කිරීම ඊයේ (21) සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.

ඒ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙනි.

නවසීලන්තයේ නිෂ්පාදිත රුපියල් මිලියන 5.4ක් වටිනා ස්වයංක්‍රීය හයිෆ්ලෝ නේසල් ඔක්සිජන් තෙරපි ඒකක 04ක් මෙසේ දෙහිඅත්තකණ්ඩිය, අම්පාර, මාතර, ගම්පහ යන රෝහල් වෙත ලබාදීමට එම මොහොතේදීම කටයුතු කළ අතර ඒ සදහා දෙහිඅත්තකණ්ඩිය රෝහල වෙනුවෙන් ඖෂධවේදී බුද්ධික ප්‍රසාද් මහතා, අම්පාර රෝහල වෙනුවෙන් ඖෂධවේදී රුවන් අබේරත්න මහතා, මාතර රෝහල වෙනුවෙන් ඖෂධවේදී සී.එස්. රාජපක්ෂ මහතා සහ ගම්පහ රෝහල වෙනුවෙන් ප්‍රධාන හෙද නිලධාරිනී (විශේෂ ශ්‍රේණිය) ඩබ්ලිව්.කේ. ප්‍රියන්තිකාද සිල්වා මහත්මිය වෙත කොකා කෝලා සමාගමේ මහජන සම්බන්ධතා සහ සන්නිවේදන අධ්‍යක්ෂ ලක්ෂාන් මදුරසිංහ මහතා විසින් එම උපකරණ ලබාදීමට කටයුතු කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ මේ රටේ ව්‍යවසනයක් ඇතිවූ සෑම අවස්ථාවකම රටවැසියා වෙනුවෙන් බොහෝ පරිත්‍යාග කිරීමට දානපතීන් ඉදිරිපත්වනවා දකින්නට ලැබෙන අතර මේ අවස්ථාවේ කොකා කෝලා සමාගම මෙසේ ඉදිරිපත්වීම පිළිබදව සිය ස්තුතිය පළකර සිටින බවයි.

කොකා කෝලා ශ්‍රී ලංකා සමාගම විසින් කොවිඩ් 19 වෙනුවෙන් දියත්කර ඇති Stop the Spread වැඩසටහනේ එක් පියවරක් ලෙස රෝහල් වෙත මෙම පරිත්‍යාගය සිදුකළ අතර ඉදිරියේදී කොවිඩ් සටනේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙනුවෙන් රුපියල් මිලියන 40ක් වටිනා පුද්ගල සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම් (PPE Kits) ලබාදීමටද සැලසුම් කර ඇත.

 

 

 

Coca-Cola Sri Lanka donated four oxygen highflow machines to four hospitals at the Ministry of Health yesterday (21) to provide oxygen to patients suffering from respiratory problems.

Dr. Sudarshini Fernandopulle, Specialist Minister of State for Primary Health Care, Epidemiology and Epidemiology.

Post Views: 7
Previous Post

අන්තර්ජාල නැතිව ගස් ගල් උඩ නගින දරුවන්ට ඇමැති නාමල්ගෙන් විසදුමක්

Next Post

overall kit කඩිනමින් වෘත්තීය පුහුණු ශීෂ්‍යයින් වෙත ලබා දීමට සියලු කටයුතු සූදානම්

editor

editor

Next Post

overall kit කඩිනමින් වෘත්තීය පුහුණු ශීෂ්‍යයින් වෙත ලබා දීමට සියලු කටයුතු සූදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved